News Editor

News Editor

ත්‍රස්ත විරෝධී පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අධ්‍යයනය කර ඉදිරි කටයුතු සිදු කරනවා – අධිකරණ අමාත්‍ය

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබදී ඇති නිගමනය අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. ඒ අනුව පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිගමනය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කිරීමෙන්…

ලාදුරු තුරන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මෙරටට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මාර්තු මාසයේදී මෙරටට පැමිණීමට නියමිත බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා. ඉදිරි වසර දහය තුළ මෙරටින් ලාදුරු තුරන් කිරීම සඳහා එම පිරිස විසින් මාර්ග සිතියමක් සකස් කිරීමට නියමිත බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය…

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා ඉදිරිපත් කෙරේ

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සලකා බැලීමට පත්කළ විශේෂ කමිටුව (20) සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුණා. ඒ අනුව එම අදහස් හා යෝජනා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා පස්වරු 3.00 ට මෙම විශේෂ කමිටුව හමුවට ඉදිරිපත්…

ඇයි ළමයින්ට පාඩම් කරන්න විදුලිය ඕනෙ? කුප්පි ලාම්පුවෙන් කරන්න පුළුවන් – විදුලිබල මාධ්‍ය ප්‍රකාශක

විදුලි බිල වැඩි කිරීම ජනතාවට දැනෙන්නේ එය වසර 9 කට පසු සිදු කිරීම නිසා බවත්, එලෙස විදුලිබිල වැඩි නොකිරීම නිසා ගෙවීමට ඇති ණය මුදල බිලියන 440 ක් බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසනවා. ළමයින්ට පාඩම් කිරීමට විදුලිය…

කුමන බලපෑම් පැමිණිය ද දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නවත්වන්නේ නැහැ – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය. එසේම 2023 දෙසැම්බර් 17 වනදා ආරම්භ කළ යුක්තිය…

ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යා හැකියි

රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට සහාය ලබා දෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්වීමට අවස්ථාව – ජනපති 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය විවෘත කරමින් පවසයි. ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා…

ඉරාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-Abdollahian) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. මෙහිදී ගාසා තීරයේ ගැටුම් පිළිබඳව අදහස් පළ කළ ජනාධිපතිවරයා සටන් විරාමයක් ඇති කර සාම ගිවිසුමකට එළඹීමේ…

සත්‍ය සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ප්‍රසාදයට

සත්‍ය, සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලාගේ ප්‍රසාදය පළ කෙරේ. සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංස ඇතුළු නිලධාරීන් විසින්පසුගියදා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ…

මහබාගේ ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හංදිය ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (21) උදෑසන 7.15ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලේ සාරංග නැමති සංවිධානාත්මක…

වියළි කාලගුණයත් සමග කැලණි ග​ඟේ ජල මට්ටම පහළට

වියළි කාලගුණයත් සමග කැලණි ග​ඟේ ජල මට්ටම අඩුවෙමින් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ගඟ දිගේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා ඒම ආරම්භ වී ඇති බවත්, ඉන් ජල සැපයුමට වන බාධා මග හැරවීම සඳහා කැලණි ගඟ…