News Editor

News Editor

උපන් ගමන් බිලිඳිය ළිඳට දැමු 17 හැවිරිදි සිසුවිය රිමාන්ඩ්

පෙම් සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස උපන් බිලිඳිය උපන් හැටියේම සිය ගෙවත්තේ පිහිටි ළිඳට දමා ඝාතනය කළ බව කියන 17 හැවිරිදි පාසල් සිසුවියක් වෙලගෙදර පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන ඇත. අඹකොටේ හැවැන්පොල පදිංචිකාරියක වන ඇය පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්…

අනතුරක් ද? ඝාතනයක් ද? ජොන්ස්ටන් සනත් නිශාන්තගේ මරණය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය. සනත් නිශාන්තගේ අභාවය අනතුරක් ද ඝාතනය කිරීමක් ද යන්න බිරිය විසින් ද සැක මතු කර…

කුරුණෑගල සමාගමක අධ්‍යක්ෂවරුන් 6කට රට ගමන් තහනම්

කුරුණෑගල නාගොල්ලාගම ප්‍රදේශයෙහි ‘ආර්.ඩී.ඊ.ටූ.ත්‍රී. ෆ්‍රීඩම්‘ නොහොත් ‘ආර්.ත්‍රී.එෆ්.“ නමින් සමාගමක් ලියාපදිංචි කර එම සමාගම හරහා රුපියල් කෝටි 500කට අධික මුදලක පිරමීඩාකාර ගනුදෙනු සිදු කළැයි කියන එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ…

ස්වයං රැකියාවෙන් අත මිට සරු කර ගත් පොල්පිතිගම දිරිය කතුන්

වර්තමානයේ පවතින ආර්ථික රටාවත් සමඟ ජීවත්වීමට නම් ආදායම් මාර්ග කිහිපයක් සොයා ගත යුතු අතර, එවැනි ආදායම් මාර්ගයක් ලෙස ස්වයං රැකියාවල නිරත වූවන්ට අත දීමට කුරුණෑගල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයට (නැප්සෝ) අනුබද්ධිත ප්‍රජා සහයෝගිතා සංසදය පියවර ගෙන තිබේ. ඒ අනුව පොල්පිතිගම…

සිය යුතුකම්-වගකීම් සියයට සියයක්ම ඉටුකළ අයෙක්

පාර්ලිමේන්තුවට තේරි පත්වූ මහජන නියෝජිතයින් අතරින් මහජනතාව වෙනුවෙන් සිය යුතුකම්, වගකීම් සියයට සියයක්ම ඉටුකළ දේශපාලකයෙක් ලෙස අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හැඳින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ  පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. එතුමාගේ අභාවය පුත්තලම් දිස්ත්‍රික්කයට මෙන්ම පොදුජන පෙරමුණට…

කවුරු බලපෑම් කළත් යුක්තිය මෙහෙයුම නතර කරන්නේ නෑ

මොන බලපෑම් ආවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනයට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසන වැළැක්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කර ඇති කිසිම මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය. එසේම 2023 දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කළ යුක්තිය…

කඩුවෙල හෙල්ලූ වැලිවිට සුද්දා කුඩුත් එක්ක මාට්ටු

කඩුවෙල හා ඒ ආශ්‍රිතව මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හරිනු ලබන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු වන මලලගේ සුදත් කිත්සිරි නොහොත් වැලිවිට සුද්දා හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 300ක් සමඟ කඩුවෙල පොලිසිය මඟින් ඊයේ (22) අලුයම අත්අඩංගුවට ගෙන තිබිණ. අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල අධිකරණයට…

ප්‍රංශ යුද නැව් යේමනයේ ඩ්‍රෝන යානා දෙකක් විනාශ කරයි

රතු මුහුදේ සිය මුර සංචාර කලාපවල සිටි ප්‍රංශ යුද නැව් යේමනයේ ඩ්‍රෝන යානා දෙකක් විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් ඩ්‍රෝන යානා වර්ගය තවමත් නිශ්චිතව වාර්තා වී නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රංශ නාවික හමුදාව මීට…

අඟහරු මෙහෙයුමට යන්න කැමති අයට නාසා අයදුම්පත මෙන්න

අඟහරු ග්‍රහයාගේ පිළිබඳ මානව ගවේෂණදී ඒජන්සියේ සැලසුම් දැනුම් දීම සඳහා නාසා ආයතනය සිය මීළඟ වසරක අඟහරු මතුපිට මෙහෙයුමට සහභාගී වීමට කැමති පුද්ගලයින් සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. CHAPEA නොහොත් කාර්ය මණ්ඩල සෞඛ්‍ය සහ කාර්ය සාධන ගවේෂණ ඇනලොග් (Crew Health and Performance…

ගල්ගමුවේ අලි 200කට ආරක්ෂිතව රේල්පාර හරහා යන්න වනජීවී උමං මාර්ගයක්

ශ්‍රී ලංකාවේ දුම්රිය වල හැපී මියැදෙන අලි ඇතුන් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වන අතර එය ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ අවධානය යොමු වී ඇති පාරිසරික සහ සංවර්ධන ගැටළුවක් බවට පත්ව තිබේ. ඒ සඳහා විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශව රැසක් දීර්ඝ…