News Editor

News Editor

අද කාලගුණ නිවේදනය

අද (24) දිනයේදී බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම උතුරු මැද පළාතේ ස්ථාන ස්වල්පයක…

ජනතාව රැවටෙන යුගය දැන් අවසන් – හරිනි අමරසූරිය

තවදුරටත් සිටින්නේ රැවැට්ටීමට හැකි ජනතාවක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජනතාව රැවටෙන යුගය දැන් අවසන් වී ඇති බවත්, පාලකයන් එය හොඳින් මතක තබාගත යුතු බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ. මේ වන විට…

පොහොට්ටුවේ රාජපක්ෂවරු එක්ක නම් මම කවදාවත් දේශපාලනය කරන්නෑ – සරත් ෆොන්සේකා

තමන් සමඟ ගැටලුව නිර්මාණය කළේ පක්ෂය තුළින්ම බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. දේශපාලනය සිදුකරන විට වහලුන් මෙන් සිටිමින් කිහිපදෙනෙකු ගන්නා තීරණවලට අනුව කටයුතු කිරීමට නොහැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. ඉදිරියෙදි ජනතා…

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නැංවිය හැකියි – ඩයනා

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ඒ වෙනුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුවී ඇති ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි…

නෙදර්ලන්තයේ ඉදි කරමින් තිබූ පාලමක් කඩා වැටී දෙදෙනෙක් මරුට

නෙදර්ලන්තයේ ජෙල්ඩර්ලන්ඩ් පළාතේ ඉදි කරමින් තිබූ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාලම කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කිරිමට…

ඉන්දියාවේ මන්ත්‍රීවරියක් රිය අනතුරකින් මරුට

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ආණ්ඩු මන්ත්‍රීවරියක් වන 37හැවිරිදි ලාස්‍යා නන්දිතා හයිද්‍රාබාද් හිදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයේ “Bharat Rashtra Samithi” කැපීපෙනෙන චරිතයක් ලෙස සැලකේ. ඇය ගමන් ගත් මෝටර් රථයේ වේගය රියදුරුට පාලනය කරගත නොහැකිව, මාර්ගයේ…

වසන්ත උත්සව නිවාඩු සමයේ චීනයේ පරිභෝජනයේ පුළුල් වර්ධනයක්

වසන්ත උත්සව නිවාඩු සමයේ චීනයේ පරිභෝජන අංශයේ පුළුල් වර්ධනයක් දැකිය හැකි බව චීන වාණිජ අමාත්‍යාංශය කියාසිටී. අමාත්‍යාංශ ප්‍රකාශක හ’ යාදොං ඊයේ (22) පැවසුවේ 2024 වසර සඳහා එය ප්‍රශස්ත ආරම්භයක් බවයි. උත්සව සමයේ රන් සහ රිදී ඇතුළු ආභරණ අලෙවිය 23.8% කින්…

“ඔඩිසියස්” සාර්ථකව සඳ මතට ගොඩබස්වයි

අමෙරිකාවේ Intuitive machines තාක්ෂණ සමාගම නාසා ආයතනය සමග එක්ව සඳ මත සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ පළමු පෞද්ගලික සමාගම ලෙස ඉතිහාසයට එක්විය. ඒ, ඔඩිසියස් නමැති යානය, සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ගොඩ බස්වමින් ය.     අමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී, මේ…

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේත් සජිත් සමග එක්වෙයි

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි ජන බලවේගය සමඟ එක්ව තිබෙනවා. ඒ අනුව ඔහු අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ. දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ…

රංජිත් බණ්ඩාර යළි කෝප් කමිටුවට

නමවන පාර්ලිමේන්තුවේ 5 වන සභා වාරය සඳහා කෝප් සහ කෝපා ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් පත්කර තිබෙනවා. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා පසුගිය රැස්වීමක දී හස්ත සංඥා පළ කිරීම හේතුවෙන් කතා බහට ලක් වූ හිටපු කෝප් කමිටු…