News Editor

News Editor

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කළ රියැදුරන් 125 ක් අත්අඩංගුවට

මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කළ රියැදුරන් 125 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළ දකුණු පළාතේ ද, අධිවේගී මාර්ගවල ද…

මියන්මාරයේ සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම පිළිබඳ සාකච්ඡා

මියන්මාරයේ සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම සම්බන්ධයෙන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් යු.එල්.මොහොමඩ් ජවුහර් පවසනවා. ඔවුන් මුදාගෙන නැවත මෙරටට එවීම සඳහා සහය ලබාදීමේ හදිසි අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරුණු බවයි ඔහු…

ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්

ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර තිබෙනවා. මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ, පුත්තලම පොලීසියේ සේවය කරමින් සිටි කල්පිටිය – ආන්දන්කන්නියේ පදිංචි වයස අවුරුදු 40 ක පොලිස් කොස්තාපල්වරයෙක් බව සඳහන්. කිසියම්…

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” එක්සත් ජනරජ පෙරමුණේ යෝජනාවලිය ජනපතිට

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී  (24) පෙරවරුවේ සිදු විය. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක…

චීන­යෙන් බංග්ලා­දේ­ශ­යට අඩු මුද­ලට හමුදා උප­ක­රණ

සබ්මැ­රීන, ප්‍රහා­රක ජෙට් යානා ඇතුළු හමුදා උප­ක­රණ තොග­යක් චීන­යෙන් බංග්ලා­දේ­ශ­යට අප­න­ය­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහෙත් අඩු මුද­ලට ලබා­ගත් එම හමුදා උප­ක­රණ රැසක දෝෂ සහිත බවත්, එදි­නෙදා භාවි­ත­යට ආන­ය­නය කරනු ලැබූ උප­ක­රණ දෝෂ සහිත බැවින් බංග්ලා­දේ­ශයේ ආර­ක්ෂක හමු­දාව…

මාල­දි­ව­යිනේ සංචා­රක ව්‍යාපා­රය පහ­ළට

ඉන්දි­යාව සමඟ ඇති­ක­ර­ගත් රාජ්‍ය­තා­න්ත්‍රික මත­භේ­දය හේතු­වෙන් මාල­දි­ව­යිනේ සංචා­රක ව්‍යාපා­රයේ දැඩි පසු­බෑ­මක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෝක සංචා­රක ව්‍යාපා­රයේ ප්‍රමු­ඛ­තම ගම­නා­න්ත­යක් වන මාල­දි­ව­යිනේ ආර්ථි­කය ප්‍රධාන වශ­යෙන් එරට සංචා­රක ව්‍යාපා­රය මත රැඳී පව­තින බවත් ඉන්දීය රාජ්‍ය­තා­න්ත්‍රික අර්බු­දය මත ඉන්දීය…

ලොව පළමු පෞද්ග­ලික සමා­ගමේ රොක­ට්ටු­වෙන් අමෙ­රි­කාව වසර 50කට පසු සඳ තර­ණය කරයි

ලෝක අභ්‍ය­ව­කාශ ඉති­හා­සයේ පළ­මු­ව­තා­වට පෞද්ග­ලික සමා­ග­මක් විසින් සඳ වෙත යවනු ලැබූ රොක­ට්ටුව පෙරේදා සඳෙහි දක්ෂිණ ධ්‍රැව­යට පතිත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කාවේ හූස්ටන් නුවර කේන්ද්‍ර කර­ගත් පෞද්ග­ලික අභ්‍ය­ව­කාශ සමා­ග­මක් එම මෙහෙ­යුම සිදු කළ අතර, ඒ සඳහා නාසා ආය­ත­නයේ…

වඩ­ම­රච්චි පට්ටු­කාඩු මුහුදේ කේතු ආකාර අමුතු අට­ල්ලක්

යාප­නයේ වඩ­ම­රච්චි පට්ටු­කාඩු මුහුදේ කේතු­වක ආකා­ර­ය­කට සක­සන ලද මෙතෙක් හඳු­නා­ගෙන නැති වස්තු­වක් මුහුදේ පා වෙමින් පව­තින බව වඩ­ම­රච්චි ධීව­රයෝ පෙරේදා (22) නාවික හමු­දා­වට හා යාපනේ සහ­කාර ධීවර අධ්‍යක්ෂ කාර්යා­ල­යට දැනුම් දී තිබේ. මසුන් මැරී­මට ගොස් ආපසු පැමි­ණෙ­මින් සිටි ධීවර පිරි­සක්…

හෝමා­ගම-පිට­කො­ටුව බස් හිමියෝ – සේව­කයෝ නොමි­ල­යේම 600ක් අනු­ර­පුර වන්ද­වති

හෝමා­ගම පිට­කො­ටුව (138) පෞද්ග­ලික බස් රථ හිමි­යන් සහ සේවක පිරිස එක්ව බස් 10කින් බැති­ම­තුන් 600 දෙනකු නොමි­ලයේ අනු­රා­ධ­පුර පූජා භූමි­යට රැගෙන ගොස් එහිදී ප්‍රථම වරට සංවි­ධා­නය කළ සීල සමා­දාන පින්කම් මාලා­වක් රුව­න්මැලි සෑර­දුන් හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබි­ය­සදී නවම්…

පාසල් සිසුන්ට විකු­ණන්න හොර පාරෙන් ගෙන්වූ ලක්ෂ 30ක ඊ-සිග­රැට් පෑලි­ය­ගො­ඩදී මාට්ටු

මෙරට පාසල් සිසුන් ඉලක්ක කර නීති­වි­රෝධි අන්ද­මින් ගෙන්වන ලද ඉලෙ­ක්ට්‍රො­නික සිග­රැට් තොග­යක් පෑලි­ය­ගො­ඩදී පෙරේදා (22) අත්අ­ඩං­ගු­වට ගැනී­මට ජාඇළ සුරා­බදු ඒක­කය සමත් වී ඇත. ඔන්ල­යින් ක්‍රම­යට නීති­වි­රෝධි ලෙස ගෙන්වා ඇති රුපි­යල් ලක්ෂ 30ක් වටිනා මේ ඉලෙ­ක්ට්‍රො­නික සිග­රැට් තොග­යෙන් රුපි­යල් කෝටි 10ක…