News Editor

News Editor

කුරුණෑගල වකුගඩු ඒකකයේ මරණවලට රසායනිකයක් බලපෑවාද?

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ ඇතැම් රෝගීන්ගේ කිසියම් සංකූලතා කිහිපයක් සහ ජනවාරි මස සිට මේ දක්වා මරණ කිහිපයක් වාර්තා වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටුව පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්…

කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද සිට Online ක්‍රමයට

2024 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) සිට 29 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට තීරණය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. කාර්යාංශයේ නිල වෙබ් අඩවියට  () පිවිස Registration for Point System Examination…

අද කාලගුණ නිවේදනය

අද දින (26) සිට නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර සහ ඌව පළාත්වල…

2010-2015 දියුණුව නැවත උදාකර ගැනීමට සියලු දෙනා එක්විය යුතුයි – සාගර

අරගලය පිටුපස පැවතියේ කිසිඳු පුද්ගලයෙකුට අවබෝධ නොවූ රට විනාශ කිරීම සඳහා වන වැඩපිළිවෙළක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා. එම කුමන්ත්‍රණය කුමක්දැයි මේ වන විට රටේ ජනතාවට පැහැදිළි වෙමින් ඇති බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.…

මහ බැංකුව මහජන මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවන්න – ෂෙහාන් සේමසිංහ

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීමේ සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවීමට යෝජනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. ඒ අනුව අදාළ වැටුප් වර්ධක සම්බන්ධ ව මෑත කාලීන ව ඇති වූ මතභේදාත්මක තත්ත්වයන්…

අපි ගේන්නේ පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක් – අනුර

ජාතික ජන බලවේගය විසින් යෝජනා කරන්නේ පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා. මෙතෙක් සිටි පාලකයන් සිතා සිටියේ ඔවුන් මහා බ්‍රහ්මයාගේ නළලෙන් මැවූ ලෙස සහ රටේ පුරවැසියන් යටිපතුලෙන් මැවූ ලෙස බවයි මහනුවර…

වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිළි කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාරවල දී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුවූ බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එම වැටුප් වැඩි…

සිදු වූ ප්‍රමාදය පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සමාගමෙන් නිවේදනයක්

(25) දින සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය තාවකාලික සහ සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයක් නිසා සිදු වූවක් බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසනවා. එය කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදු වූවක් නොවන බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. එසේම,…

රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14 ක් තුළ පිටවිය යුතු බවට සිදුකළ දැනුම්දීම ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි – ජනපති

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොරව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා. රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් සඳහා මීට පෙර ලබා දී…