News Editor

News Editor

තවත් සමාගමකට මෙරට ඉන්ධන අලෙවිය සඳහා අවසර

United Petroleum Australia සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වූ බව එම සමාගම පවසනවා. ඒ අනුව පසුගිය පෙබරවාරි 22 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මෙලෙස ගිවිසුම්ගත වූ බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ඒ අනුව, එම සමාගමට…

කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කරයි

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ විශ්වාසයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මේ…

කුරුණෑගල රුධිර කාන්දුකරණ ඒකකයේ තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා තවත් විශේෂ කණ්ඩායමක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ ඇති වී ඇති තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අද (26) දිනයේද විශේෂ කණ්ඩායමක් එම රෝහල වෙත යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. දැනට එම රෝහල වෙත රුධිර කාන්දුකරණය සඳහා පැමිණෙන වකුගඩු රෝගීන් කුලියාපිටිය, දඹදෙනිය,…

රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් දැනුම්දීමක්

රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 2016 සිට තිබූ වැටුප් විෂමතාවය එනම්, 107% වෙනුවට 92%ක් ලබා දීම පිළිබඳ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා…

ඇල්පිටියේදී වෙඩි තබා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඝාතනය කරයි

ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කටුනායක ගුවන් තොටුපළේ සිදුවීම ගැන අද විශේෂ සාකච්ඡාවක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඊයේ (25) ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. ඒ අනුව අමාත්‍යාංශයේ පැවැත්වෙන සාකච්ඡාව සඳහා තමා ඇතුළු නියෝජිත පිරිසක් මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය ද සහභාගි වීමට නියමිත…

උරුමය සින්නක්කර ඉඩම් අයිතිය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට ක්ෂණික ඇමතුම් අංකයක්

“උරුමය” ජාතික වැඩසටහනින් අපේක්ෂිත අභිමතාර්ථ යථාර්ථයක් බවට පත් කර ගනිමින් ප්‍රජාව වෙත සිය භුමියේ සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබා දීමට අදාළව ඉල්ලුම් කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව දිනපතා පෙ.ව 8.30 සිට රාත්‍රී 8.30 දක්වා 1908 ක්ෂණික…

උසස් පෙළට පෙනී සිටි දරුවන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක්…

හොඳ සෞඛ්‍ය සේවයක් මේ රටේ සෑම දරුවකුටම ලැබිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දේශපාලනඥයින්ගේ දරුවන් පෞද්ගලික සෞඛ්‍ය සේවා ඔස්සේ ලබා ගන්නා සැලකිල්ල මේ රටේ සෑම දුවෙකුටම පුතෙකුටම රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ ගැනීමට හැකි පසුබිම සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. එන්නත්කරණය සඳහා තම දියණිය පෞද්ගලික රෝහලකට රැගෙන ගිය අවස්ථාවේ ළමා රෝග…

රට ගොඩනැඟීමට සත්භාවයෙන් මැදිහත් වන මිනිස් සමූහයකගේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි – ජාජබ නායක අනුර කුමාර දිසානායක

මේ රට ගොඩ නැඟීමට සත්භාවයෙන් මැදිහත් වන මිනිස් සමූහයකගේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගයේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමිනි. මෙය පෙරේදා (24) දින පැවැත්විණ. ජාතික…