News Editor

News Editor

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…

රනිල්, සජිත් හා අනුරට විකල්ප නායකත්වයක් ළඟදීම රටට හඳුන්වා දෙනවා – ජයන්ත සමරවීර

රනිල්, සජිත් හෝ අනුර අතර බරපතල දේශපාලන වෙනස්කමක් තමා නොදකින බව උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසනවා. දැනට කරළියට පැමිණි ඇති අපේක්ෂකයන් තුන්දෙනාම ඉතාම සමානකම් සහිත අය බවයි ඔහු පවසන්නේ. රනිල්, සජිත් හා අනුරට විකල්ප නායකත්වයක් තමා ඇතුළු…

ජයග්‍රාහී අපේක්ෂකයා වෙලාව ආවම තෝරන්නම් – නාමල්

පොහොට්ටුවට කලින් චෝදනා කලේ අපේක්ෂකයෙක් නැතැයි කියා වුවද දැන් කියන්නේ අපේක්ෂකයන් පස් හයදෙනෙක්ගෙන් එක්කෙනෙක් තෝරාගැනීමට නොහැකිව සිටින බැව් කියා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. තම පක්ෂයට අපේක්ෂකයන් බොහෝ දෙනෙක් සිටින බවද, ඒ අතරින් එක් අයෙක් තෝරාගත නොහැකි බව සත්‍යයක්…

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයට උත්තර ලංකා සභාගයේ සහාය

කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය පළ කිරීමට උත්තර ලංකා සභාගය (26) තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. Online Safety පනත සම්මත කිරීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති…

2024 පළමු මාස 02 තු​ළ මිනීමැරීම් සිද්ධි වලින් පුද්ගලයින් 83 ක් මරුට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළදී මිනීමැරීම් හා සම්බන්ධ සිදුවීම් 76 ක් පමණ සිදුව ඇති බවත්, එම සිදුවීම් වලින් පුද්ගලයන් 83 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා. එසේම එම කාලයේදී ගෙවල් බිඳුම් සම්බන්ධ සිද්ධි…

අධික උණුසුම් කාලගුණය නිසා පාසැල් සිසුන්ට රෝගාබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉහළට

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන්ට යම් යම් රෝගාබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා. අධික උණුසුම් තත්ත්වයෙන් ළමුන් රෝගී වීම වළක්වා ගැනීම…

2024 අයවැය යෝජනා සම්බන්ධව දැනුවත් කිරීමේ එකොළොස් වැනි සම්මන්ත්‍රණය – බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක

ජනාධිපති ලේකම්තුමාගේ උපදෙස් පරිදි 2024 අයවැය යෝජනා සම්බන්ධව රාජ්‍ය නිලධාරීන්, වෘත්තීය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන දැනුවත් කිරීම සඳහා ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය මගින් දිස්ත්‍රික් මට්ටමින් මෙහෙයවනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ එකොළොස් වැනි සම්මන්ත්‍රණය බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක පදනම් කරගනිමින්…

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය  (27) කතානායකවරයා වෙත යොමුකර තිබෙනවා. ජනප්‍රිය රංගන ශිල්පියකු වන ඔහු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුරය දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුව පක්ෂය යටතේ තරඟකර පාර්ලිමේන්තුවට තේරී පත්වුනා. ඒ අවධියේ පැවති…

4%ක ලාභාංශය අඩුකර උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන ලබාදීමට බලාපොරොත්තු වෙනවා – කංචන

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වියදම් පියවා ගැනීම පමණක් ප්‍රමාණවත් බවත්, ඉදිරියේදී සිය ලාභාංශය අඩුකර තරඟකාරී අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමේ අවස්ථාව සිපෙට්කෝ වෙත ලබා දෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මෙම 4% ලාභාංශය මගින් මිල සුත්‍රය ක්‍රියාත්මක…

දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වී නෑ – සජිත් ප්‍රේමදාස

දේශබන්දු තෙන්නකෝන් වෙත පොලිස්පති ධූරය ලබාදීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වී නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. පොලිස්පති ලෙස ඔහුව පත්කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ පැවති ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 4ක්ද, විපක්ෂව ඡන්ද 2ක්ද හිමිව ඇති අතර, සාමාජිකයින් දෙදෙනෙකු…