News Editor

News Editor

පොලීසියේ ලොකු වෙනසක් ඉදිරි කාලය තුළ සිදුකිරීමට අවශ්‍යයි – පොලිස්පති

ලෝකයේ දියුණුම රටවල් අපරාධ විසඳීමට යොදාගන්නා ක්‍රමවේදවලට ශ්‍රී ලංකා පොලීසිය ද අනුගත කිරීම තම බලාපොරොත්තුව බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සටහන් විද්‍යා විෂයට අදාළව පවත්වනු ලැබු Advance Grade සහ Elementary විභාග සමත් නිලධාරින්ට…

ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සූදානම්

අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම මාර්තු 15 වනදායින් අවසන් – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ. අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ ප්‍රතිලාභ අපේක්ෂිතයන්ගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කර ඇති බවත්, 2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල්…

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා

ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි. බල එදිරිවාදිකම් නොමැති බව සහතික කිරීම සහ ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.…

හෙට සහ අනිද්දා පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස දැනුම්දීමක්

අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් හෙට (29) සහ අනිද්දා (01) යන දිනවල පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා…

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අලෙවි අංශයක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමෙයි

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින “ඵලදා වර්ධන හා අලෙවි අංශය” වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස අමාත්‍ය මහින්ද  අමරවීර විසින් ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා. මෙම අංශය මගින් කිසිදු ඵලදා වර්ධන කටයුත්තක් සිදු නොවන බවත්, එයින් වැඩිපුරම…

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වෙනස් අංශ තුනක් යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටු 3 ක්

මෙරට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වෙනස් අංශ තුනක් යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටු 3 ක් පත් කිරීමට කටයුතු කළ බව මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසනවා. එම එක් එක් අනු කමිටුවක් මගින්…

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස ජෝ බයිඩන් වෙනුවට මිෂෙල් ඔබාමා ඉදිරිපත් කිරීමට වැඩි කැමැත්තක්

ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති Joe Biden වෙනුවට, එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ආර්යාව වන Michelle Obama ප්‍රමුඛ තේරීම බවට මත විමසුමකින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මත විමසුමේදී ඡන්දය දුන් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්…

බලශක්ති සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සාකච්ඡාවක්

බලශක්ති සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති අතිගරු මියොන් ලී සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර පවත්වා තිබෙනවා. කොරියානු ජනරජය පාවෙන සූර්ය පැනල සහ න්‍යෂ්ටික බලාගාරවලින් විශාල බලශක්ති ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර කොරියානු ජනරජයේ සහ එහි…

දේවිකා කොඩිතුවක්කු සමගි ජන බලවේගය සමඟ එක්වෙයි

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා. ඒ අනුව ඇයව සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය…

ගාසා තීරයේ ළමුන් වෙනුවෙන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබාදීමට ශ්‍රී ලංකා රජයේ අවධාන​ය

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා විශේෂ අර​මුදලක් පිහිටුවීමට ජනාධිපති…