News Editor

News Editor

ක්‍රීඩා ඇමති හා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. කොළඹ සංචාරක අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කෙරුණු බවයි අමාත්‍යවරයා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.…

ජනාධිපතිවරණය නියමිත ආකාරයට පවත්වනවා – කථානායක

ජනාධිපතිවරණය නෛතිකවම දක්වා ඇති පරිදි නියමිත ආකාරයට පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ඒ අනුව මහ මැතිවරණයද ලබන වසරේ අදාළ කාල සිමාවේ පැවැත්වෙනු ඇති බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt සමඟ පැවති සාකච්ඡාවකදී කථානායකවරයා ප්‍රකාශ කර තිබෙනවා.…

තරගය තියෙන්නේ ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර, ආණ්ඩුව රේස් එකේ නෑ – ඩිලාන්

මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂයේ කණ්ඩායම් දෙකක් අතර තරගයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඒ අනුව මේ වනවිට තරගය නිර්මාණය වී තිබෙන්නේ ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර බවත්, ආණ්ඩුව තරගය තුළ නොමැති බවයි…

කථානායකට එරෙහි විශ්වාසභංගයට ලංකා නිදහස් පක්ෂයේ සහාය

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත වීමෙන් පසු කථානායකවරයා ඊට අත්සන් තැබුවද එම පනතට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශිිත සංශෝධන ඇතුළත්…

පාඨලී හා නිදහස ජනතා සභාව අතර හමුවක්

රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වී තිබෙනවා. ඒ අනුව රට මුහුණ පා ඇති දැඩි අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා මනුෂ්‍යත්වයේ සන්ධානයක් ගොඩනැගීම එක්සත් ජනරජ පෙරමුණේ අරමුණ…

උණුසුම් කාලගුණ තත්ත්වය අඩු වැඩි වශයෙන් මැයි මාසය වන තෙක් පවතීවි – කාලගුණ දෙපාර්තමේන්තුව

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය අඩුවැඩි වශයෙන් මැයි මාසය වන තෙක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මැයි මාසයේ නිරිත දිග සුළං ප්‍රවාහය දිවයින හරහා ස්ථාපිත වන තෙක් මෙම තත්ත්වය පවතිනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම…

නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුද කියලා එතුමම හිතන්න ඕනෙ – ජගත් කුමාර

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අපේක්ෂකයෙක් සිටින්නේ දැයි බරපතළ ලෙස ගැටලු සහගත බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා. මෙහිදී මාධ්‍යවේදීන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් ජගත්…

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය විකිණීම වෙනුවට ආයෝජන කැඳවා ගැනීම – වෛද්‍ය නලින්ද ජයතිස්ස

විකිණීම වෙනුවට ආයෝජන කැඳවා ගැනීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය බව එහි ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ටෙලිකොම්, වෝටස්ඒජ්, ලංකා හොස්පිටල් වැනි ආයතන අවුරුදු ගණනාවක සිට විකිණිමට කටයුතු කරන බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බවයි ඔහු සඳහන් කළේ.…

මුලින් එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය, රනිල් ඒකට එකඟ වෙලා ඉවරයි – උදයංග වීරතුංග

මුලින් පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය යැයි තමා කැට තබා ප්‍රකාශ කරන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා. එයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මේ වන විටත් එකඟතාව පළ කර ඇති බවයි Youtube නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. බැසිල් රාජපක්ෂ…

ටෙලිකොම් හා ලංකා හොස්පිට්ල් ආයතනවල කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

දැනට තෝරා ඇති අයදුම්කරුවන් මත පදනම්ව ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් යන ආයතනවල කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙනුවෙන්…