News Editor

News Editor

බැසිල් කොහොමද මට අභියෝගයක් වෙන්නේ, මම ඔය රැළම එකට තියලා ගෙදර ඇරියනේ – මෛත්‍රී

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණීම තමාට අභියෝගයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එම පිරිසම එකට තබා තමා 2015 වසරේ ඔවුන්ව ගෙදර යැවීමට කටයුතු කළ බවත් තමාට ඔවුන් අභියෝගයක් නොවන බවයි මාධ්‍ය හමුවකට (05) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.…

යළිත් රට වැටුනොත් ගොඩගන්න ඉන්නේ රනිල් විතරයි, වෙන කාටවත් බෑ – අකිල

රට බින්දුවට වැටී තිබූ අවස්ථාවේ රට භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවරෙන් පියවර ගැටලු විසඳමින් මේ වන විට ඩොලර් බිලියන 5 ක් දක්වා විදෙස් සංචිත වර්ධනය කිරීමට කටයුතු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ්…

Facebook, Instagram සහ Messenger ගිණුම් Logout වෙයි

රටවල් කීපයක Facebook, Instagram සහ Messenger ගිණුම් එක වරම Logout වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. රාත්‍රී 9.11 ට මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ. මෙසේ Logout වූ ඇතැම් පරිශීලකයින්ට නැවත තම ගිණුම් ⁣⁣⁣⁣වෙත පිවිසීමට නොහැකි…

දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට

දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීම සඳහා ගෙන ආ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන…

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර ඇති අතර එම විරෝධතාව සඳහා පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ අනුව නිදහස් අධ්‍යාපනය – නිදහස් සෞඛ්‍යය ඇතුළු පොදු ජන අයිතීන් අහිමි කිරීමට එරෙහිව පෙළගැසෙමු…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමේ නව ක්‍රමයක්

අන්තර්ජාතික තරගවලදී දස්කම් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමේ සහ දිරිගැන්වීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අදාල තරගයේදී ඉහළතම දස්කම් දක්වන ක්‍රීඩකයාට විවේකාගාරය තුළදීම තැඹිලි පැහැති කැප් තොප්පියක් සහ සමරු පදක්කමක් පිරිනැමීමට කණ්ඩායම් කළමනාකාරිත්වය කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.…

මොන මැතිවරණයක් ආවත් අපි සූදානම් – මහින්ද

ඉදිරියේදී කුමන මැතිවරණයක් පැමිණියද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සඳහා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මෙහිදී මහ මැතිවරණය මුලින් පැමිණෙන බවට උදයංග වීරතුංග කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි. එසේම…

වත්කම් සහ බැරකම් ප්‍රකාශ නීතිය සංශෝධනය කෙරේ

1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මඟින් දක්වා ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු නිලධාරීන් සහ පුද්ගල කාණ්ඩවලට අමතරව, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 80වන වගන්තිය මඟින්…

කොළඹ පිහිටි දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන ලෙස වැඩි දියුණු කිරීමට රජයේ අවධානය

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථාන මෙලෙස වැඩි දියුණු කිරීමේ ඉහළ විභවතාවත් බවතින බව 2023 වර්ෂයේ නොවැම්බර් මස 06…

රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් සඳහා දිවා ආහාර වැඩසටහනට කැබිනට් අනුමැතිය

රජයේ පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන් සඳහා ”පාසල් ආහාර වැඩසටහන” ක්‍රියාත්මක කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සමස්ත පාසල් සිසුන් මිලියන 1.08ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100ට අයත් පාසල් 7,902ක පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර,එක් සිසුවෙකු සඳහා දිනක…