News Editor

News Editor

කාන්තා අයිතිවාසිකම් දිනා දීම කතාවට පමණක් සීමා කළ යුතු නැහැ

මෙවර කාන්තා දිනය සමරන කාන්තාවන් ආපසු නිවසට යන්නේ නීතියේ බලය සහ රැකවරණය ද සමඟින්. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට. ආසියාවේ පළමු වරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් අයවැයකරණය…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන්ට අවස්ථාව

ඒ සඳහා වන සාකච්ඡාව 11 වන සඳුදා ජනාධිපති කාර්යාලයේ දී. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ ශ්‍රීධරන් යන මහත්වරුන්ට ආරාධනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට…

මහා ශිව රාත්‍රී දින පණිවිඩය

ලොව ජීවත්වන සියලුම ජීවින් පීඩාවන්ගෙන් මුදා ගැනීමේ අරමුණින් ශිව දෙවියන්ට පැවැත්වූ බව කියන පූජාව ලොව පුරා හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනයේ දී සිහිපත් කරනු ලබයි. එසේම මිනිසා තුළ පවතින මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල් වන ප්‍රඥා ලෝකය පැතිරේවා…

මන්ත්‍රි රෝහිත මන්ත්‍රි රාසමාණික්කම්ට පහර දෙන්න හදලා

පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය අසල දී පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන තමන්ට පහරදීමට පැමිණි බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රි ශානක්‍යයන් රාසමාණික්කම් (07) නියෝජ්‍ය කථානායක වෙත පැමිණිලි කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්‍යම් රාසමාණික්කම් මෙසේ ද පැවැසීය. ‘මෙම සිදුවීම කිසිසේත් අනුමත…

කේ. අයි. යූ. විශ්වවිද්‍යාලය සම්බන්ධ ගැටලුව ඉදිරි සති දෙක තුළදී විසඳනවා

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී කේ. අයි. යූ. විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව ඉදිරි සති දෙක තුළදී විසඳන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත පාර්ලිමේන්තුවේදී (07) ප්‍රකාශ කළේය. කේ. අයි. යූ විශ්වවිද්‍යාලයට පොලී රහිත ණය මුදල…

ගොවි ජනතාවට ඉඩම් ලබා දීමේ විප්ලවීය වැඩසටහනක් ආණ්ඩුව ආරම්භ කර තිබෙනවා

රජය සතු ඉඩම්වලින් කොටසක් වගා කිරීම සඳහා ගොවි ජනතාවට ලබා දීමේ විප්ලවීය වැඩසටහන ආණ්ඩුව මේ වන විටත් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි පාර්ලිමේන්තුවේ දී (07) පැවසීය. වන සතුන්ගෙන් කෘෂිකර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම පිළිබඳ කල් තබන…

වන සතුන්ගෙන් ගොවිතැනට වන හානිය නැති කරන්න තේරීම් කාරක සභාවක් ඕනෑ

වන සතුන්ගෙන් කෘෂිකර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම සඳහා සියලුම පක්ෂවල නියෝජිතයන් නියෝජනය වන පරිදි තේරීම් කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බවට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ දී (07) පැවසුවාය.…

කිතුල් ගසින් වැටුණු සිව් දරු පියා මරුට

යටියන්තොට, කිතුල්ගල, මහබාගේ ප්‍රදේශයේ පුද්ගලයකු අඩි 25 ක් පමණ උසැති ගසක කිතුල් මදිමින් සිටියදී ඇදවැටී (06) ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිතුල්ගල පොලිසිය පැවැසීය. මෙලෙස මිය ගොස් ඇත්තේ කිතුල්ගල, මහබාගේ, අංක 04 ජනපදයේ පදිංචිව සිටි 66 හැවිරිදි අතුලහේන ලේකම්ලාගේ ප්‍රේමසිරි නමැති සිව්…

රත්නපුරේ පහකට ඇසිඩ් ගැසූ සැකකරු රිමාන්ඩ්

රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසලදී (06) උදෑසන ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර සිව්දෙනකුට තුවාල සිදු කළ සැකකරු මාර්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රත්නපුර වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ ප්‍රියංකා ගුණවර්ණසූරිය (07) නියෝග කළාය. මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ රත්නපුර මිල්ලකඩේ දොඩම්පෙ පදිංචි…

හදිසියේ රෝගී වූ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු බස් රිය නිවෙසක ගරාජය ඇතුළේ

පුද්ගලික බස් රථයක රියැදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ බස් රථය පාලනය කරගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේදී නිවෙසක් සහිත ගරාජයකට කඩා වැදීමෙන් රිය අනතුරක් සිදුව ඇත. (07) උදෑසන මේ බස් රථය වව්නියාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇඟලුම්හලකට සේවකයන්…