News Editor

News Editor

ස්විස්ටර්ලන්තයේ ලාංකිකයන්ගේ Gloaming Dinner Dance ප්‍රසංගය අතිසාර්ථකයි

ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය මාර්තු 02 වැනිදා සංවිධාන කර තිබූ දැවැන්ත ප්‍රසංගය වන Gloaming Dinner Dance ප්‍රසංගය අති සාර්ථක ලෙස නිමා විය. පැමිණි ශ්‍රී ලංකික හා ස්විස් ජාතික සියලු අමුත්තන්ගේ පැසසුමට එහි සංවිධායක මඩුල්ලද, ආරාධිත ගායන ශිල්පීන් ද…

කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීමෙන් රටේ ආර්ථිකය ස්ථාවර කළ හැකි වුණා

කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීම හේතුවෙන් රටේ මූල්‍ය සංචිත ඉහළ දමා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට වත්මන් රජය හැකි වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යා මනූෂ නානායක්කාර (09) කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී පැවති අමාත්‍යාංශයේ ජනතා ජංගම සේවයේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රකාශ කළේය.…

මැණික් ගලක් නිසා ව්‍යාපාරිකයෙක් පැහැරගනියි

මැණික් ගලක් අලෙවි කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් හොරණ ප්‍රදේශයේ රෙදි පිළි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබේ. පැහැරගත් පිරිස විසින් ව්‍යාපාරිකයා මුදාහැරීමට ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලා තිබූ අතර කප්පම්කරුවන් සූක්ෂම ලෙස කොටු කරගැනීමට පොලීසිය සමත්වී ඇත.…

රම්‍යා වනිගසේකර මහත්මියගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු (10)පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය. මේ වන විට ඇයගේ දේහය බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් කර තිබේ. ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන්…

ජනපති අදත් එස්.එස්.සී පිටියට

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී පිටියේ දී පැවති නිල් මහ සටන ක්‍රිකට් තරගයේ අවසන් දිනය වන (09) දින ද තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්විය. ක්‍රීඩාංගණයේ ඇවිද යමින් ක්‍රීඩකයන් දිරිමත් කළ ජනාධිපතිවරයා ක්‍රිඩාංගණය වෙත පැමිණ…

ලෝක රූ රැජින කිරුළ චෙක් රාජ්‍යයේ Krystyna Pyszková හිමිකර ගනී

මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ Krystyna Pyszková විසින් හිමිකරගෙන තිබෙනවා. 71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී (09) රාත්‍රී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ අතර…

උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් ආනයනය කෙරේ

එළඹෙන උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් ආනයනය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා. ඒ අනුව බිත්තරයක් රුපියල් 43කට මිලදී ගැනීමට අවස්ථාව උදාකරන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර උත්සව සමයේදී මෙරට…

කාන්තාවන් 40% ක් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට අනාවරණයක්

පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් 40% ක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණ​ය වී තිබෙනවා. මේ වනවිට දේශීය නිශ්පාදන වල මිල ගණන් 90% කින්…

අද කාලගුණ නිවේදනය

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර,…

SL vs BAN 3rd T20 : ශ්‍රී ලංකාවට ලකුණු 28 ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 28 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර…