News Editor

News Editor

කටුනායක ගුවන්තොටුපොළට නව මගී පර්යන්තයක් ඉදිකිරීමට තීරණයක්

කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තයක් ඉදිකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් රුවන්චන්ද්‍ර පවසනවා. දැනට පවතින මගී පර්යන්තයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව මගී පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බවයි ලේකම්වරයා පවසන්නේ. මෙම නව මගී පර්යන්තයේ පිටත්වීමේ කවුළු…

මන්ත්‍රී ගාමිණි වලේබොඩගේ නිවසට ලොරි රථයක් කඩා වදී

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ පදිංචිව සිටින බලංගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසට (11) රාත්‍රියේ ලොරි රථයක් කඩා වැදී තිබෙනවා. ඒ හේතුවෙන් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. රාත්‍රි 8 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන…

කුළුබඩු ප්‍රති අපනයන ගැසට්ටුව අත්හිටුවීමට තීරණය කෙරේ

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කැබිනට් රැස්වීමේදී අදාල ගැසට් නිවේදනය සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා සැලකිල්ලට ගෙන එය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා…

නිවැරදි අපේක්ෂකයන් තෝරා ගන්නා හැටි ගැන ‘මාර්තු 12 ව්‍යාපාරය’ ජනතාව දැනුවත් කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී තෝරා පත් කර ගත යුතු අපේක්ෂකයන් සම්බන්ධයෙන් ජනතාව වැඩි අවදානයක් යොමු කළ යුතු බව ‘මාර්තු 12’ ව්‍යාපාරය පවසනවා. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා (12) දිනයේ දිස්ත්‍රික්ක මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරන බවයි එහි…

තැපැල් වර්ජනයෙන් භාණ්ඩ ලක්ෂ 17ක් ගොඩ ගැසෙයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් (11) ක්‍රියාත්මක කළ පැය 24 සංකේත වැඩ වර්ජනය අවසන් කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසනවා. වර්ජනය හේතුවෙන් තැපැල් භාණ්ඩ ලක්ෂ 17කට අධික ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවයි මාධ්‍ය වෙත…

උඩරට වෙස් ඇඳුම ලෝක උරුමයක් කිරීමට පියවර ගන්නවා – විදුර වික්‍රමනායක

උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. උඩුගං බලා යන මෙරට සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීම සඳහා සංස්කෘතික සංගායනාවක අවශ්‍යතාව පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට අද විරෝධතා

දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට අද (12) උද්ඝෝෂණයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා. ඒ අනුව අද දහවල් 12.00 ට අදාළ විරෝධතා ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. වැටුප් වැඩි කිරීම…

රාමසාන් මාසය අදින් ඇරඹේ

සිය රාමසාන් උපවාස සමය (12) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව (11) දිනයේ නව සඳ දර්ශනය වූ බවයි මහ පල්ලිය නිවේදනය කළේ. නිරාහාරය ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකක් වන අතර, රාමසාන් සමයේ සෑම දිනකම…

දැන් ඉන්නේ ගල් කැටයක්වත් අතට නොගෙන 69 ලක්ෂයක් ඡන්ද ගත් පාලකයා පලවාහැරි ජනතාවක් – අනුර

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ දේශපාලනය සඳහා පිවිසීමට අපේක්‍ෂා කරන තරුණ තරුණියන් වෙනුවෙන් නව දොරටු විවෘත කරන බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා. මෙතෙක් පෙළපතින් පැමිණි දේශපාලනය, සාමාන්‍ය ජනතාවගේ දූ-පුතුන් වෙත මාරු වීම වැළැක්වීම සඳහා අනෙකුත් පක්ෂ කළ හැකි…

2023 සා/පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ඇරඹේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අදාළ අයදුම්පත් මේ මස 22 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බවයි දැක්වෙන්නේ. www.onlineexams.gov.lk/eic ඔස්සේ එම…