News Editor

News Editor

පරාටේ නීතියේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා අවශ්‍ය ණය අය කරගැනීමේ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය…

NSBM සරසවියට වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයක් වන සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරිත්ව විද්‍යායතනය (NSBM) විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී…

අම්බලන්ගොඩ හා පිටිගල වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 4 ක් මරුට

අම්බලන්ගොඩ හා පිටිගල යන ප්‍රදේශවල (12) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අම්බලන්ගොඩ, ගලගොඩ, වෙලපාරේ පිහිටි වෙළෙඳසැලක් අසලදී ඊයේ රාත්‍රී 8.35ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබූ අතර යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන්…

පාඨලී චම්පික රණවක ඉන්දියාවේ සංචාරයක

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (11) රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ (Mizoram University) ආරාධනය මත ඔහු මෙලෙස ඉන්දියාවට ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. පරිසරය හා තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් සමුළුවේ…

කටුනායක ගුවන්තොටුපොළට නව මගී පර්යන්තයක් ඉදිකිරීමට තීරණයක්

කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තයක් ඉදිකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් රුවන්චන්ද්‍ර පවසනවා. දැනට පවතින මගී පර්යන්තයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව මගී පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බවයි ලේකම්වරයා පවසන්නේ. මෙම නව මගී පර්යන්තයේ පිටත්වීමේ කවුළු…

මන්ත්‍රී ගාමිණි වලේබොඩගේ නිවසට ලොරි රථයක් කඩා වදී

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ පදිංචිව සිටින බලංගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසට (11) රාත්‍රියේ ලොරි රථයක් කඩා වැදී තිබෙනවා. ඒ හේතුවෙන් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. රාත්‍රි 8 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන…

කුළුබඩු ප්‍රති අපනයන ගැසට්ටුව අත්හිටුවීමට තීරණය කෙරේ

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කැබිනට් රැස්වීමේදී අදාල ගැසට් නිවේදනය සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා සැලකිල්ලට ගෙන එය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා…

නිවැරදි අපේක්ෂකයන් තෝරා ගන්නා හැටි ගැන ‘මාර්තු 12 ව්‍යාපාරය’ ජනතාව දැනුවත් කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී තෝරා පත් කර ගත යුතු අපේක්ෂකයන් සම්බන්ධයෙන් ජනතාව වැඩි අවදානයක් යොමු කළ යුතු බව ‘මාර්තු 12’ ව්‍යාපාරය පවසනවා. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා (12) දිනයේ දිස්ත්‍රික්ක මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරන බවයි එහි…

තැපැල් වර්ජනයෙන් භාණ්ඩ ලක්ෂ 17ක් ගොඩ ගැසෙයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් (11) ක්‍රියාත්මක කළ පැය 24 සංකේත වැඩ වර්ජනය අවසන් කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසනවා. වර්ජනය හේතුවෙන් තැපැල් භාණ්ඩ ලක්ෂ 17කට අධික ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවයි මාධ්‍ය වෙත…

උඩරට වෙස් ඇඳුම ලෝක උරුමයක් කිරීමට පියවර ගන්නවා – විදුර වික්‍රමනායක

උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. උඩුගං බලා යන මෙරට සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීම සඳහා සංස්කෘතික සංගායනාවක අවශ්‍යතාව පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.