News Editor

News Editor

අනුර කුමාර දිසානායක සහ කැනඩා මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් Eric Walsh සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් (13) සිදුව තිබෙනවා. මෙම සාකච්ඡාවේදී මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්වූ බවයි එම පක්ෂය…

දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය විවෘත කරන වේලාව හෙට සිට සංශෝධනය වෙයි

දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් ඉදිරි ආසන වෙන් කිරීම් සඳහා විවෘත කරන වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා පෙරවරු 10.00 ට…

ධීවර කර්මාන්තය සඳහා නවීන තාක්ෂණයෙන් යුත් බහුදින යාත්‍රාවක් ළඟදීම හඳුන්වා දෙනවා

ලොරෙන්සෝ පුතා – 4 යාත්‍රාවේ සිටි ධීවරයන් ලංකාවට ගෙන ඒමට කඩිනමින් පියවර – ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා. නවීන තාක්ෂණය හා නවීන මෙහෙයුම් ක්‍රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්‍රාවක් ධීවර කර්මාන්තය සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන…

“Kaleidoscope 2024 Screen media for Gen-Z” මාධ්‍ය වැඩසටහන ඇරඹේ

තම මතය පමණක් සන්නිවේදනය කරන ඇතැම් මාධ්‍යවල හැසිරීම සමාජය නොමඟ යවනවා. පාසල් දරුවන්ට මාධ්‍ය අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් – ජනාධිපති ලේකම්. දරුවන්ගේ අධ්‍යාපන දැනුම මෙන්ම මානසික සුවය ද ඉතා වැදගත් වෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්. පාසල් සිසුන්ට විවිධ මාධ්‍ය භාවිතයන්…

රටේ ආර්ථිකය පිළිබඳ නිවැරදි දැක්මකින් තොරව ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා ජනතාව පීඩාවට ලක් වුණා

එම වරද කිරීමට මා සුදානම් නැහැ. අපනයන ආර්ථිකයකට අප කඩිනමින් යොමු විය යුතුයි – ජනපති අවධාරණය කරයි. රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව…

උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කෙරේ

උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්වීම් සිදුකර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් (12) පස්වරුවේ…

අභියෝගවලට මුහුණදිය හැකි ප්‍රතිපත්තිගරුක අනාගත පරපුරක් බිහි කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි – ජනපති

අභියෝග ඉදිරියේ පළා නොගොස්, සෑමවිටම තම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරමින් එය ඉදිරියට ගෙන යාමේ ශක්තිය මෙරට අධ්‍යාපනය තුළින් දරුවන්ට ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොළඹ වෙස්ලි විද්‍යාලයේ 150 වැනි…

ගෙවතු වගා කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් වෙන් කර තිබෙනවා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ2ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පැවසීය.…

විදෙස්ගත වූ ඇතැම් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයින් යළි සේවයට පැමිණ තිබෙනවා – වෛද්‍ය ජී.විජේසූරිය

වෛද්‍යවරුන් විදෙස්ගතවීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා. ආර්ථික ගැටලුකාරී තත්ත්වය හා විවිධ අර්බුද හමුවේ විදෙස්ගත වූ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් යම් පිරිසක්ද සේවයට පැමිණ ඇති බවයි ඔහු සඳහන් කළේ. ඒ අනුව…

අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල සහ වංචාවල වර්ධනයක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. වසරේ ගත වූ කාලසීමාව තුළ පරිගණක වංචා 423ක් වාර්තා වී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල සඳහන් කළේ. ඒ අනුව අන්තර්ජාලය…