News Editor

News Editor

දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයේ

සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් පැමිණෙන සැඳැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටින බව එම සංගමය පවසයි. ඒ අනුව දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 50කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත. සැඳැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ පූර්ව සූදානමින්…

අදත් ලොකු වැස්සක්

සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (19) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක…

ගත වූ පැය 24ට මැතිවරණ පැමිණිලි 121 ක්

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 121ක් ලැබී තිබෙයි. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම පැමිණිලි අතරට නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 95ක් ඇතුළත් බවයි. 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව…

ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලය දැනුම් දීමක් කරයි. යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කොට මිසයිල ප්‍රහාර එල්ල විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් තානාපති කාර්යාලය…

මහ සිකුරාදා අදයි

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උකුත්වීම සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට (18) යෙදී තිබේ. ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණගැසීම සහ මරණය සිහි කරන මහ සිකුරාදා දිනයේදි ලොව පුරා කිතුනු බැතිමත්හු විවිධ භක්ති අභ්‍යාසයන්හි නිරත වෙති. ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිකරමින් කිතුනුවෝ අළු…

සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර පළාතෙත් ගාල්ල,…

සිරි දළදා වන්දනාව අද ඇරඹේ- සමාරම්භක අවස්ථාවට ජනපතිත්

සිරි දළදා වහන්සේ සියැසින් දැක වන්දනා කිරීමේ මහඟු අවස්ථාව අද (18) සිට පුරා දින දහයක් පුරාවට ජනතාවට අවස්ථාව හිමි වේ. දළදා මාලිගාවේ සහ බැතිමතුන්ගේ ආරක්ෂාව, බැතිමතුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන හා සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු අංශ කෙරෙහි අවධානය යොමුකර රජය සහ…

ශ්‍රී ලංකා නියෝජිත පිරිස සඳුදා අමෙරිකාවට- මහ බැංකු අධිපති ඇතුළු තාක්ෂණික කමිටුවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පැනවීමට යෝජනා කළ බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත ඝෘතුමය සමුළුවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් ලබන සඳුදා (21) අමෙරිකාව බලාපිටත්ව යෑමට නිමිතය. අමෙරිකාවේ බදු ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ…

තැපැල් ඡන්දයේ දින සංශෝධනය කෙරේ

පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට තිබූ දින සංශෝධනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ඒ අනුව අප්‍රේල් 24, 25, 28, සහ 29 දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙන බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය. විශේෂ ප්‍රකාශයක් කරමින්…

VIP-VVIP පෝලිම් නෑ-මහනුවරට විශේෂ රථවාහන සැලැස්මක් ආරක්ෂාවට පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ 10,000ක්

සිරි දළදා වන්දනාවට මහනුවර පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා මහනුවර නගර සීමාවේ සහ ඉන් පිටත රථගාල් 25ක් ස්ථාපිත කර තිබේ. මහනුවර නගරාසන්නයේ රථගාල් 12ක් සහ ඉන් පිටත 13ක් ලෙස මෙම රථගාල් ස්ථාපිත කර තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා පැවසීය.…