News Editor

News Editor

අනුර කුමාර දිසානායක හා ජපාන තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (19) සිදුව තිබෙනවා. මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki Kotaro, දෙවැනි ලේකම් Imai Kaori සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක…

රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි

රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ භාරයේ ඇති ගිණුමක් මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමින් ඔවුන් මීට පෙර අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා.

බිත්තර මිලියන 42 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මාසයේදී බිත්තර මිලියන 42ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. අදාළ කැබිනට් තීරණය පහතින්. 

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් 160ක් කොට්ඨාස ක්‍රමයටත්, සෙසු 65 දෙනා ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතික ක්‍රමයටත් තෝරාගන්නා පරිදි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සඳහා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහ…

වව්නියාවේ පිරිසක් අත්අඩංගුවට ගැනීම ගැන පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

වව්නියාවේ හින්දු කෝවිලක පුජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේ දී විරෝධතාවයක නිරත වී තිබෙනවා. අද (19) උදෑසන පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භ වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විරෝධතා පුවරු අතැතිව…

පෙළපොත් හෝ නිල ඇඳුම් රෙදි නොලැබුණු ‍පාසල් සඳහා තොරතුරු දැනුම්දීමට දුරකථන අංකයක්

රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ඒ අනුව සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි  දිවයිනේ සියලු‍ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත…

එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 4,000ක් පම​ණ වරාය තුළ ගොඩ ගැසිලා – බහාලුම් ප්‍රවාහන රථ හිමියන්

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් රේගු නිලධාරීන් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් වරාය තුළ මේ වන විට නිෂ්කාශනය සඳහා බහාලුම් විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. මේ වන විට ආහාර සහ ඖෂධ අඩංගු…

මේ දිනව​ල දියර වර්ග වැඩි වශයෙන් පානය කරන්න – සෞඛ්‍ය අංශ

උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් පවතින මෙවන් වකවානුවක් තුළ දියර වර්ග වැඩි වශයෙන් පානය කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ජනතාවට දැනුම් දෙනවා. කෙසේ වෙතත් සීනි අධිකව අඩංගු පැණි බීම වර්ග පානය කිරීම සුදුසු නොවන බවයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම…

මාර්තු මාසයේ දින 17 ක් තුළ ලක්ෂයකට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට

2024 මාර්තු 01 සිට 17 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 111,284 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 537,887 ක්…

උණුසුම් කාලගුණ තත්ත්ව​ය තවදුරටත්

දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණ තත්ත්ව​ය තවදුරටත් ඉහළ යමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. වයඹ, උතුරු-මැද, නැගෙනහිර ස​හ බස්නාහිර පළාත්වල උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊට අමතරව, මොණරාගල, මන්නාරම,…