News Editor

News Editor

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණයක්

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව තරගාවලිය එළඹෙන ජුලි 19 වනදා සිට 28 වන දින දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියට අදාළ කාලසටහනද නිකුත් කර ඇති අතර එය…

නීතිය හා සාමය ස්ථාපිත කිරීම මානව හිමිකම් කඩකිරීමක් නෙවෙයි – ජනපති

ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරා ගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් උත්සාහ කළද එදා එම පියවර නොගත්තා නම් අද…

ඊළඟ ජනාධිපතිවරණයෙන් සජිත් රටේ ජනාධිපති වෙනවාමයි – තිස්ස අත්තනායක

රටේ ජනමතය ඇත්තේ සමගි ජන බලවේගය හා සජිත් ප්‍රේමදාස වටා බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. සජිත් ප්‍රේමදාස රට භාරගන්නේ හොරකම් කිරීමට ඉඩදීමට නොව රට ගොඩනැගීම සඳහා බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණයෙන් සජිත්…

බදු පනතක් අත්හිටුවා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. භාණ්ඩ 64ක් ආනයනය කිරීමේදී පහසුකම් සැලසීම සඳහා තනි සංයුක්ත බද්දක් අය කිරීම පිණිස 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ…

අධිවේගී මාර්ග ජාලය Sahasya Investment Ltd ආයතනයට පැවරීමට කැබිනට් අනුමැතිය

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග Sahasya Investment Ltd වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය (දේශීය) සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වානිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි…

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 76 වන වියේ පසු වුණා. ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි ගීත රැසක් සඳහා ඔහු සිය හඬ…

මෙරට විදෙස් ප්‍රේෂණ ලැබීම් හා සංචාරක ඉපැයීම් ඉහළට – මහ බැංකුව

මෙරට විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයිම් ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව 2024 වසරේ මේ දක්වා වූ කාලය තුළ විදෙස් ප්‍රේෂණ මිලියන 964ක ප්‍රමාණයක් රටට ලැබී ඇති බවයි අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ…

අඩු ආදායම්ලාභී පවුල්වලට සහල් කිලෝ 20 බැඟින් ලබාදීමට රජය තීරණය කරයි

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව අප්‍රේල් මාසයේ දී කිලෝග්‍රෑම් 10ක් ද මැයි මාසයේ කිලෝග්‍රෑම් 10ක් ද ලෙස එම සහල් ලබාදීමට සැලසුම්…

ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් ලබන සඳුදා දිවයිනට – ආනයනකරුවන්ගේ සංගමය

ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් ලබන සඳුදා වනවිට චීනයේ සිට මෙරටට පැමිණෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඊට අමතරව තවත් ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර මෙරටට ළඟා වන බවයි අත්‍යවශ්‍ය…

ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහත දැමීමට මහ බැංකුව තීරණය කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහත දැමීමට තීරණය කර තිබෙනවා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ. ඒ…