News Editor

News Editor

ඇල්ප්ස් කඳුවැටියේ ග්ලැසියර දියවී ඉතාලි-ස්විට්සර්ලන්ත දේශසීමා යළි අඳී

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇල්ප්ස් හිම කඳුකරයේ ග්ලැසියර දියවීමෙන් ඒ අතර පිහිටි ඉතාලි හා ස්විට්සර්ලන්ත දේශසීමාව වෙනස් වී ඇතැයි ද, එම දේශසීමාව නැවත සකස් කිරීමට දෙරටේම බලධාරීන්ට සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එකිනෙකට ආසන්නයේ පිහිටි එම යුරෝපා රටවල නියෝජිතයන්…

වසර 142කට පසු බ්‍රිතාන්‍ය ගල් අඟුරු විදුලි නිෂ්පාදනය නවතා දමයි

ගල්අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දමමින් වසර 142ක පොසිල ඉන්ධන මත යැපුණු යුගය අවසන් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 1967දී ආරම්භ කළ රැට්ක්ලිෆ් හි පිහිටි එරට අවසන් ගල්අඟුරු විදුලි බලාගාරයේ මෙහෙයුම් පසුගියදා නිමාවට පත් කළ බව…

අයිෆා සම්මාන උලෙළේ හොඳම නළුවා ෂාරුක්

ජවාන් චිත්‍රපටයේ රංගනය උදෙසා බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් මෙවර ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට ඇකඩමි සම්මාන උලෙළේ (අයිෆා) හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර පසුගියදා පැවැති 24 වැනි අයිෆා…

ඊශ්‍රායලයේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

ඊශ්‍රායලයේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙයි. එමෙන්ම ආරක්‍ෂිත ස්ථාන වලට යොමු වීමේදී ආහාර ඖෂධ වැනි දේවල් ළඟ තබා ගන්නා ලෙස ද තානාපති කාර්යාලය දැනුවත් කර ඇත. කෙසේ නමුත් ඉරාන…

ඩොලරය වේගයෙන් පහළට

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.30 ක් සහ විකුණුම් මිල…

අප්‍රේල් වෙනකම් තෙල් තියෙනවා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර, ඉන්ධන සඳහා අවශ්‍ය සියලුම ඇණවුම් ලබාදී ඇති බැවින් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ඉන්ධන හිඟයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. කරුණාරත්න මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු…

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් අද (02) පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. මෙහිදී පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ උණුසුම් සුබපැතුම් පිරිනැමූ එරට මහකොමසාරිස්වරයා, ශ්‍රී…

බහාලුම් ප්‍රවාහන ගාස්තුවත් පහළට

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව අඩු කිරීමට බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, ඒ අනුව බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කළ…

මිනිස් වෙළඳාමේ නිරත වූ ආයතන දෙකක් වටලයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතන 2ක් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් වැටලීම් කර ඒවායේ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. බෙන්තොට, අංගාගොඩ ප්‍රදේශයේ Premium Work Force Recruitment International Ltd නමින්…

ADB සභාපති මසට්සුගු අසකාවා නව ජනපතිට සුබ පැතුම් එක් කරයි

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා විසින් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (01) සුබ පැතුම් එක් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙළ පිළිගන්නා බව සඳහන් කරන ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා, ශ්‍රී ලංකාව තුළ…