News Editor

News Editor

ලංගමට යළි රමාල් සිරිවර්ධන

ශ්‍රී ලංගම ඉතිහාසයේ කීර්තිමත් සභාපතිවරයකු ලෙස අවස්ථා දෙකකදී කටයුතු කර ඇති රමාල් සිරිවර්ධන මහතා නැවතත් ලංගම සභාපති ලෙස ඇමැති විජිත හේරත් මහතා විසින් පත් කරනු ලැබීය. අනිල් මුණසිංහ යුගයෙන් පසු ලංගම ඉතිහාසයේ නොමැකෙන චරිතයක් බවට පත්ව සිටින රමාල් සිරිවර්ධන මහතා…

කෝර්ඩීලියා සංචාරකයන් 5000කට අධික පිරිසක් ගතවූ මාස නවයේ හම්බන්තොට වරායට

දේශීය ආර්ථිකය නැංවීම සඳහා සංචාරක කර්මාන්තයේ දායකත්වය තවදුරටත් ශක්තිමත් කරමින් මේ වසරේ ගතවූ කාලයේ කෝර්ඩීලියා සංචාරක නැව් සමාගම විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත සිදු කළ නියමිත පැමිණීම් ඔස්සේ සංචාරකයන් 5000කට අධික පිරිසක් පැමිණ තිබේ. ජූලි සහ සැප්තැම්බර් මාසවල ඇරඹෙන…

ජනතාවාදී ජන­ාධිපතිට එරෙහි වෙන්න බැරි නිසා ඡන්දෙට එන්නෙ නෑ-හිටපු මන්ත්‍රී ගුණපාල රත්නසේකර

ජනතාවාදී ජනාධිපතිවරයකු රටට පත්ව සිටින අවස්ථාවක ඔහුට එරෙහිව විරුද්ධ පක්ෂයකින් ඉදිරිපත්වී කටයුතු කිරීමට තිබෙන අකැමැත්ත මත ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා ප්‍රකාශ කළේය. හිටපු…

දරුවන්ට හොඳම දේ දුන්නොත් තමයි අනාගතය අර්ථවත් වෙන්නේ-ගුවන් සේවා චිත්‍ර නිර්මාණ තරගාවලිය හා මාර්ගගත ගුවන් සේවා අධ්‍යාපනික වැඩසටහන අරඹමින් ඇමැති විජිත හේරත් කියයි

මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දරුවන් සිටිනවා ජීවිතයට ගුවන් යානයකට ගොඩවැදී නෑ ඒ තමයි අපේ රටේ ආර්ථිකයේ විෂමතාව ගුවන් සිහිනය සැබෑ කිරීමට දරුවන්ට මඟ පෙන්වීමත් මාර්ගය සකසා දීමත් අරමුණයි අනුග්‍රහය ලබාදෙන්නේ ලේක්හවුස් සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි දරුවන්ට හොඳම දේ ලබාදෙන්නේ…

එක්සත් කම්කරු ප්‍රජාව වෘත්තීය සමිතිය රත්නපුරට ස්වාධීනව

එක්සත් කම්කරු ප්‍රජාව වෘත්තීය සමිතියේ සභාපතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින්. එක්සත් කම්කරු ප්‍රජාව වෘත්තීය සමිතිය මෙවර මහා මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමකින් තරග කිරීමට තීරණය කළ බව එහි සභාපති ආචාර්ය ෂන්මුගන් තිරුචෙල්ලම් මහතා පැවසීය. කහවත්ත ප්‍රදේශයේ එම වෘත්තීය සමිතියේ ප්‍රධාන කාර්යාලයේ…

ළමා දින සැමරුම් උත්සවයකට අගමැතිනිය එක්වෙයි

ලෝක ළමා දිනයට සමගාමීව සංවිධාන වූ ළමා දින සැමරුම් උත්සවයක් අගමැති හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් නාගානන්ද විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පෙරේදා (01) පැවැත් වුණි. මෙහිදී දූ දරුවන්ගේ දක්ෂතා විදහා දැක්වූ විවිධ ප්‍රදර්ශන කුටි, උපදේශනාත්මක වැඩසටහන්, විනෝද ක්‍රීඩා සහ තරග ආදී වැඩසටහන් රැසක්…

අයදුම්පත් 90,000න් 45,000කට සරසවි වරම්-දැනටමත් 95%ක් තෝරාගෙන

මෙවර විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීම සඳහා අයදුම්පත් 90,000ක් පමණ ලැබී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ‘දිනමිණට’ ඊයේ (02) පැවසීය. සිසුන් 45,000ක් විශ්වවිද්‍යාලවලට මෙවර තෝරා ගැනීම සිදු කරන බව ද ඒ මහතා පැවසුවේය. විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා…

දිවයිනට එන ඉන්දීය විදේශ ඇමති

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ලබන 4 වනදා එම සංචාරය සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරය තුළදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ගිවිසුමකට…

IMF නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා රජයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතව තිබෙනවා. නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඉදිරියට කෙසේ කරගෙන යන්නේද යන්න එහිදී සාකච්ඡා කරන බවයි ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා ප්‍රකාශ…

කියුබානු රජයෙන් මෙරට ඩෙංගු මර්දනයට සහාය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලේස් ගොරිඩෝ මහතා අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා. එහිදී දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුවී ඇති…