News Editor

News Editor

ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කෙරේ

ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙන් මෙලෙස බිත්තර ආනයන කටයුතු සීමා කර ඇති බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ. බිත්තර මිලියන 4…

ඥා​ණසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

ගලබොඩඅත්තේ ඥා​ණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා. ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම…

පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට වවුචරපත්

එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හඳුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව…

කසුන් රාජිතට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව සිදුව ඇති ආබාධයක් හේතුවෙන් මෙලෙස තරගය අහිමිවී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන්…

සහල් සහ ලොකු ළුෑණු ආනයන බදු අඩු කෙරේ

සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (27) සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා. එසේම ලොකු ළුෑණු (රෝස ලූනු) ආනයනය සඳහා ද එම බද්ද 2024 අප්‍රේල් 30 දක්වා කිලෝවක්…

IPL UPDATE : Sunrisers Hyderabad කණ්ඩායමට ලකුණු 31 ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වන තරගය Sunrisers Hyderabad කණ්ඩායම හා Mumbai Indians කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට…

පාසල් සිසුන් 4ක් දියේ ගිලී මරුට

අලව්ව ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. සිසුන් කණ්ඩායමක් ඔයේ දිය නෑමට ගොස් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ. දියේ ගිලුණු එක්…

මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් – ජනපති

අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. දශක තුනහමාරකට අධික කාලයක් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධන වියදම් ලැබී නොමැති බවත්  මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍යය…

චීන ජනාධිපති හා ශ්‍රී ලංකා අගමැති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින්පින් හා ‍ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් (27) සිදුව තිබෙනවා. ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන මිත්‍රත්වය, සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ පස්විධ ප්‍රතිපත්ති යටතේ ඉදිරියටත් ක්‍රියාකිරීමට දෙරටම එකඟ වූ බවයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන්…

නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට පත් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ පත්කර තිබෙනවා. එම පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක සඳහන් කළේ. මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…