News Editor

News Editor

සවුත්ලන්ඩ්ස් විදුහල් බාලදක්ෂිකා පෙරහර ගාල්ලේදී

ගාල්ල, සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය බාලදක්ෂිකා සංගමය විසින් සංවිධාන කරන ලද වාර්ෂික බාලදක්ෂිකා පෙරහර, පසුගිය දා ගාල්ල කොටුවේ වීදි සංචාරය කළේය. නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු සංස්කෘතික අංග ගණනාවකින් පෙරහර විචිත්‍රවත් වී තිබිණි.

රයිගම් ටෙලි සම්මාන උලෙළේ

වසරේ සම්මානනීය නාළිකාව ITN සම්මාන 22ක් හිමි කර ගනිමින් නාළිකාවකට හිමි වැඩිම සම්මාන ගණනත් ලබාගනී නාළිකාවක් හිමි කරගත් වැඩිම සම්මාන ගොන්නට උරුමකම් කියමින් ස්වාධීන රූපවාහනි මාධ්‍ය ජාලය 20 වැනි රයිගම් සම්මාන උලෙළේ සමස්ත සම්මාන අතරින් සම්මාන 22ක් හිමි කර ගෙන…

පාස්කු මංගල්‍යය සමරමින්…

ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උත්ථානය සිහිපත් කෙරෙන පාස්කු මංගල්‍යය රට පුරා දේවස්ථානවලදී දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ (31) සැමරිනි. මේ සඳහා දස දහසකට අධික ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබිණි. මේ දේවමෙහෙයන් සඳහා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් ද එක්ව සිටිනු දක්නට ලැබිණි.

අන්තර්ජාල ළම‍ා හිංසන මඬින මාර්ගගත ප්‍රවේශය එළිදකී

අන්තර්ජාලය වෙත යොමු කර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරු වන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගිය 28 දා සිදු විය. ළමා ලිංගික අපයෝජන සිදුවීම්…

බිත්තරයක් රු.35ට අඩුවෙන්

දේශීය බිත්තරයක මිල ඉදිරි කාලයේ දී රුපියල් 35කට වඩා අඩු වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි. දේශීය බිත්තර නිෂ්පාදනය මේ වන විට සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇතැයි බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය අනාවරණය කර ඇති අතර,…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම…

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්. මිල අඩු වූ ඉන්ධන: * පෙට්‍රල් 95 – රු. 7 කින් (නව…

මෛත්‍රීට පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු කියා ඇත්තේ ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රිකයෙක් බව Sunday Times වාර්තා කරලා – හර්ෂ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සිදුකර ඇත්තේ ඉන්දියාවේ ඉහළ රාජ්‍යතාන්ත්‍රිකයෙක්ගෙන් ලද තොරතුරු මත පදනම්ව බවට Sunday Times පුවත්පත වාර්තා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. අදාළ පුවත්පත් වාර්තාවට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

SL vs BAN 2nd Test : දෙවන දිනය අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ දෙවන දිනය (31) අවසන් වුණා. ඒ අනුව දිනය අවසාන වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී…

චීන සංචාරය නිම කරමින් අගමැති දිවයිනට

චීන නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දිවයිනට පැමිණ තිබේ. අග්‍රාමාත්‍යවරයා සහ දුත පිරිස චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් යානයකින් (30) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත. චීනයේ පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේ…