News Editor

News Editor

වතු ජනතාවට ඉඩම් හිමිකම ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය

වතු ජනතාවට ඉඩම් හිමිකම ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. වතු ප්‍රජාව සඳහා සින්නක්කර ඉඩම් ලබාදීම පිණිස විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා 2024 අයවැය යෝජනා මගින් වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම යන මැයෙන් යෝජනාවක් මුදල් ආර්ථික ස්ථායීකරණ  හා ජාතික…

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට කැබිනට් අනුමැතිය

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 4ක් පමණ වන අතර වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2 ක් පමණ සිටින බව ගණනය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. එම…

ඇහැලේපොළ වලව්ව පූජා ඔප්පුවකින් දළදා මාලිගාවට පැවරීමට අනුමැති​ය

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. 2024-2-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයන් පරිදි ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ…

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න පත්කර තිබෙනවා. නව දූෂණ විරෝධී පනතේ පවතින විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

SL vs BAN 2nd Test : ශ්‍රී ලංකාව ලකුණු 510 ක් ඉදිරියෙන් සිටිමින් ඉනිම අත්හිටුවයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. ඒ අනුව සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියදී…

දිනේෂ් චන්දිමාල් යළි දිවයිනට පැමිණෙයි

දිනේෂ් චන්දිමාල් මේ වන විට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ඔහුගේ පවුලේ හදිසි අවස්ථාවක් හේතුවෙන් ඔහු යළි හැකි ඉක්මනින් දිවයිනට පැමිණෙන බවයි. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන…

ගෑස් මිල අඩු වුනාට බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ – බේකරි හිමියන්

ගෑස් මිල අඩුවුවද බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. තම සංගමය ඉන්ධන මිල, විදුලි ගාස්තු වැඩිවූ බව පවසමින් නිෂ්පාදනවල මිල ඉහළ දමා නොමැති බවත්, පාන් පිටි මිල වැඩි වූ විට පමණක් නිෂ්පාදන මිල ඉහළ…

දුම්රියේ ගැටී සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට පත්වෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ සිසුවෙක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පේරාදෙණිය පොලිස් වසමේ පැණිදෙණිය කළුපාලම අසල දුම්රිය මාර්ගයේදී (01) සවස මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ තල්පිටිය උතුර, වාද්දූව ප්‍රදේශයේ පදිංචි 24…

බී ළුෑණුවලින් ආනයනකරුවන් කෝටි 8,000ක අයුතු ලාභයක් උපයා ඇති බවට අනාවරණයක්

2023 වසරේ දී මෙරටට බී ළුෑණු ආනයනය කළ ව්‍යාපාරිකයින් රුපියල් කෝටි 8,000ක පමණ අයථා ලාභයක් උපයාගෙන ඇති බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණ​ය වූ බව එහි සභාපති පාඨලී චම්පික රණවක පවසනවා. ඒ අනුව 2023 වසරේ රු.92 ට ගෙන්වන…

ප්‍රධාන රෝහල් 10 ක සෞඛ්‍ය සේවකයින් පැය 4 ක වැඩ වර්ජනයක්

(02) දිනයේ දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. වැඩ වර්ජනය උදෑසන 6.30ට ආරම්භ කර පැය 4ක කාලයක් ක්‍රියාත්මක කරන බවයි එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ. ඒ අනුව කොළඹ ජාතික රෝහල,…