News Editor

News Editor

දීඝවාපි මහ සෑ ධාතූ වන්දනා අනුරපුර පූජා නගරයට

දීඝවාපි මහ සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමු වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සැදැහැවත් ජනීජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකරන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” පසුගියදා ඓතිහාසික අනුරාධපුර පූජා නගරය වෙත…

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් තිලකා ජයසුන්දර

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස තිලකා ජයසුන්දර පත් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී (02) ඇය සිය ධුරයේ වැඩ ආරම්භ කළාය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන තිලකා ජයසුන්දර මහත්මිය 2021 වර්ෂයේ දී රාජ්‍ය කාර්ය සාධනය හා කළමනාකරණය…

දිඹුලාගලින් හමු වූ විශාලම සෙල්ලිපියේ මැකී ගිය අක්ෂර මතු කරගැනීමට නව තාක්ෂණය යොදාගනී

ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ මැකී ගිය අක්ෂර මතු කර ගැනීමට ශ්‍රී ලංකාවේ පළමුවරට නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් එම කටයුතු කිරීම (02) පෙරවරුවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අර්ජුන රන්තිලගේ ඇතුළු පුරාවිද්‍යා…

ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට පවරයි

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, ඇහැලේපොළ වලව්ව සහ ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මඟින් ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. 2024-02-19…

දමිතා-සැමියා ඉල්ලූ අතුරු තහනම ඉවත දමයි

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය (02) ප්‍රතික්ෂේප කළේය. ආගමන හා විගමන පනත යටතේ…

ජාතික පැළ සිටුවීමේ නැකතට සිටුවන්න කථානායක ඇතුළු සභාගැබේ නිලධාරීන්ට පැළ බෙදයි

අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ අප්‍රේල් මස 18 වැනි දින පෙරවරු 10.16ට යෙදෙන ජාතික පැළ සිටුවීමේ නැකතට සිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන්ට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර විසින් (02) පලතුරු පැළ බෙදාදෙන ලදි. දේශීය වෛද්‍ය රාජ්‍ය…

ආබාධ-විශේෂ හැකියා ඇති දරුවන් සිටින පාසල්වලටත් නොමිලේ දිවා ආහාරය – ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

ආබාධ සහ විශේෂ හැකියා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසල් 27හි සිටින දරුවන්ට දිවා ආහාරය පිරිනැමීමට රජය පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී (2) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.…

බදු ගෙවීම පැහැර හරින අයට කිසි බුරුලක් දෙන්නේ නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සභාපතීත්වයෙන් යුතු ක්‍රම සහ විධි කාරක සභාවෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව කියා ඇත්තේ වසර 30ක් තිස්සේ ගොඩ ගැහුණු හිඟ බදු සම්බන්ධයෙන් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ දී (02) ප්‍රකාශ කළේය. එම හිඟ…

වෙසක් සතිය මැයි 21-27 දක්වා

22 සිට 24 තෙක් සත්ත්ව ඝාතනමස් අලෙවිය සුරාසල් තහනම් රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් මැයි මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබේ. ‘අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච (අනුන් කළ දේ…

සජිත් ප්‍රේමදාස සමඟ විවාදයකට අනුර කුමාර දිසානායක සූදානම් – සුනිල් හඳුන්නෙත්ති

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ ප්‍රතිපත්තිමය විවාදයකට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක සූදානම් බව සුනිල් හඳුන්නෙත්ති පවසනවා. සමගි ජන බලවේගයේ බොහෝ මන්ත්‍රීවරු ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය සමඟ විවාදයක් පැවැත්වීමට ආරාධනා කර ඇති බවද, ​ඒ පිළිබඳ…