News Editor

News Editor

නෙළුම් කුලුනේ ආරක්ෂාව වැඩි කරයි

සියදිවි හානිකර ගැනීම සහ වෙනත් විනාශකාරී කටයුතු මැඬපැවැත්වීම සඳහා නූතන තාක්ෂණික උපකරණ යොදා අවශ්‍ය ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමට කොළඹ, නෙළුම් කුලුන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ. නෙළුම් කුලුනෙන් පැන සිසුවියක් සියදිවි හානිකර ගැනීම සම්බන්ධව ඊයේ (10) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නෙළුම්…

බංග්ලාදේශයෙන් ජනපතිට සුභාශිංසන

වෙළෙඳ සහ ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින වරණීය වෙළෙඳ ගිවිසුම (PTA) ශක්තිමත් කරගැනීම සඳහා කටයුතු කරන බව ජනාධිපතිවරයා සහ මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා අදහස් හුවමාරු කරගනිමින් සහතික වූහ. මේ බව සාකච්ඡා කෙරුණේ ශ්‍රී…

පොහොරවලින් වංචා කළ සමාගම් 13ක ගිණුම් වාර්තා කැඳවයි

සහනාධාර ලෙස ලබාදීම සඳහා රජයේ අනුමැතිය ඇතිව මෙරටට ආනයනය කරන ලද පොහොර ගොවීන්ට ලබානොදී වසර 6ක කාලයක් තිස්සේ කෘෂිකර්මාන්තයේ නොවන වෙනත් කර්මාන්ත සඳහා වැඩි මිලට විකුණා කෝටි ගණන් මුදල් ඉපැයූ බව කියන සිද්ධියට අදාළ පොහොර සමාගම් දහතුනක බැංකු ගිණුම් වාර්තා…

නිල සංචාරයක් සඳහා ජනපතිට තුර්කියෙන් ආරාධනා

තුර්කි – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරලීම සංකේතවත් කරමින් තුර්කියේ නිල සංචාරයකට එක් වන ලෙස තුර්කි තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළේය. තුර්කි තානාපතිවරයා මේ ආරාධනාව කළේ ඊයේ (10) ජනාධිපති…

පුනරුත්ථාපනය වූ හිටපු LTTE සාමාජිකයෝ උතුරු-නැඟෙනහිරට ස්වාධීනව තරගවදිති

පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් උතුරු නැඟෙනහිර දිස්ත්‍රික්ක සඳහා මෙවර මහ මැතිවරණයට තරග කිරීමට ස්වාධීන කණ්ඩායම් ලෙස නාම යෝජනා භාරදෙනු ලැබ තිබේ. පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් එක්ව හදනු ලැබූ පුනරුත්ථාපනය වූ දෙමළ විමුක්ති කොටි පක්ෂයට මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචිය…

මිල්ටන්ගෙන් ෆ්ලොරීඩාවට දැඩි බලපෑම්

මිල්ටන් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදී තිබේ. මේ වන විටත් එම ප්‍රාන්තයේ නගර රැසකට තද සුළං සහ වැසි පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම ෆ්ලොරිඩාව පුරා විදුලිබලය විසන්ධි වී ඇති බව සදහන් වේ. කුණාටුව අඩි 15ක්…

‘මිල්ටන්’ සුළි කුණ­ාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තය වටලයි-දහස් සංඛ්‍යාත ජනතාවට නිවාසවලින් ඉවත්වීමට උපදෙස්

‘මිල්ටන්’ සුළි කුණාටුව බටහිර වෙරළ තීරයෙන් හමා එන බව සඳහන් කරමින් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දහස් සංඛ්‍යාත ජනතාවට නිවාසවලින් ඉවත් වන ලෙස ප්‍රාන්ත රජය උපදෙස් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පස්වැනි මට්ටමේ අනතුරුදායක සුළි කුණාටුවක් ලෙස වර්ගීකරණය කර ඇති මිල්ටන් සුළි…

ශෙහාන් සේමසිංහ මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කරයි

හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට නිවේදනය කර තිබෙනවා. පසුගිය වසරේ ආර්ථිකයේ පැවැති තත්ත්වයන් හමුවේ රට ආර්ථික වශයෙන් විවිධ බලපෑම්වලට ලක්වූ බවත් බංකොලොත් බවට පත් වූ පසුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමග එක්ව…

ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා. ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශන​යකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම කාර් රථය මෙරටට ගෙන්වූයේ…

පාඨලී සමගි ජන සන්ධානයෙන් ඉවත් වෙයි

එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව සිය පක්ෂය, සමගි ජන බලවේගය සම​ඟ සන්ධාන ගතවීමේදී මහ මැතිවරණය සඳහා එකඟ වූ පරිදි කටයුතු නොකරමින්, ඔවුන් ගිවිසුම ඒකපාර්ශවීයව උල්ලංඝණය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින්…