News Editor

News Editor

දමිතා අබේරත්න CID අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් වංචාවකට අදාළව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. 

මෛත්‍රීට ශ්‍රීලනිප සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිස්ත්‍රික් මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමුකළ පැමිණිල්ලකට අදාළව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුයි – පාරිභෝගික සේවා අධිකාරිය

උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව භාණ්ඩ මිලදී ගැනිමේදී නිෂ්පාදිත දිනය හා කල් ඉකුත් වීමේ දිනය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් සහ විශේෂ…

ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු 1000ක් බඳවා ගැනීමට පියවර

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වන ගුරුවරුන් 1000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (08) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම ගුරුවරුන් කොන්ත්‍රාත් පදනමින් වසර 3ක් සඳහා බඳවා…

උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා

උත්සව සමය වෙනුවෙන් (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. උත්සව සමයේ ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව වෙනුවෙන් එම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ. ඒ…

වසරේ මුල් මාස 3 තුළ 74,499 ක් රැකියා සඳහා විදෙස්ගත වෙයි

වසරේ ගත වූ මුල් මාස 3 තුළ ශ්‍රී ලාංකිකයින් 74,499 ක පිරිසක් රැකියා සඳහා විදෙස්ගතව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඉන් 39,900ක් පිරිමි ශ්‍රමිකයින් වන අතර 34,599 දෙනෙකු කාන්තා ශ්‍රමිකයින් බවයි එම කාර්යංශය සඳහන් කළේ. ශ්‍රී…

අපේ ආර්ථික ප්‍රතිපත්තිය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ප්‍රතිපත්තියක් – ආචාර්ය හරිනි අමරසූරිය

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රජාන්ත්‍රවාදය තහවුරු කරන ප්‍රතිපත්තියක් බව ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අදහස් කරන්නේ, පළමුව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම බවද, දෙවනුව ආර්ථික ක්‍රියාවලිය තුළ සහභාගීත්වය වැඩිකිරීම බවද, තෙවනුව ආර්ථික ප්‍රතිලාභ සාධාරණව සමාජය තුළ බෙදී…

චීනයෙන් ලොකු ළුෑණු නෞකා 2 ක් දිවයිනට

චීනයෙන් ලොකු ළුෑණු නෞකා 2ක් පැමිණ ඇති බව වෙළෙඳ වාණිජ හා ​ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශය පවසනවා. එම ලොකු ළුෑණු බෙදාහැරීම් කටයුතු ආරම්භ කර ඇති බවයි වෙළෙඳ වාණිජ හා ​ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අතපත්තු සඳහන් කළේ. තවත් නෞකාවක් ලබන 11 වැනිදා…

හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අප්‍රේල් 15 වන දා වත්තල, හැඳළ පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙනවා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අප්‍රේල් 15 වන දා පෙරවරු 10.17 ට වත්තල, හැඳළ පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි පැවසීය. එසේම සිංහල හා හින්දු…

පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වශයෙන්ද කටයුතු කරමින් සිටියා.