News Editor

News Editor

මහින්ද, රනිල්, මෛත්‍රී ඇතුළු රැසක් මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කරයි

හිටපු ජනාධිපතිවරුන්, හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මැති ඇමතිවරුන් සැලකියයුතු පිරිසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දශක ගණනාවක් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙවර මහ මැතිවරණයට තරග…

නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට

මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයින් 29 ක් ඇතුළත් කර තිබෙනවා. මේ සඳහා එම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ලෙස තරග…

ලෝක බැංකුවෙන් ලැබුණු සුබ ආරංචිය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසනවා. ඒ අනුව මෙම වසරේදී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇති බවටයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ. කර්මාන්ත හා සංචාරක අංශ මඟින් දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු හතරක් පුරා සිදුව…

මහ මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අවසන්

පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු සදහා ලබා දී තිබූ කාලය අවසන් වී තිබෙනවා ඒ අනුව පස්වරු 1:30 දක්වා කාලය තුළ විරෝධතා ඉදිරිපත් කිරීමට හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ විරෝධතා කාල සීමාවෙන් පසුව නාම යෝජනා භාර…

රටේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාවය පිළිබඳ රජයේ නිලධාරීන් වගකිව යුතුයි -අගමැති හරිනි-

මින් ඉදිරියට රට තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිවයුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම්…

විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති…

කාන්තා ක්‍රිකට් පිලට වැරදුණ තැන් බොහොමයි-දක්ෂතා බිඳ වැටීම මට පිළිගන්න බෑ

චමරි සමුගත යුතු නෑ: තව අවුරුදු 4ක් ක්‍රීඩා කළ යුතු බව පුහුණුකරු කියයි කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලට වැරදුණ තැන් බොහොමයක් තිබූ බවත්, ඒවා සකසා ගැනීමට දින කිහිපයක් තිස්සේ උත්සහ කළ ද ඒවා අසාර්ථක වූ බවත් කාන්තා ක්‍රිකට්…

කොදෙව් පිල එයි

විස්සයි20 සහ එක්දින තරගාවලි ද්විත්වයකට ක්‍රීඩා කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ඊයේ උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියේය. විස්සයි20 කණ්ඩායම රොව්මන් පවෙල්ගේ නායකත්වයෙන් සහ රොස්ටන් චේස්ගේ උප නායකත්වයෙන්, එක්දින සංචිතය ෂායි හෝප්ගේ නායකත්වයෙන් සහ අල්සාරි ජෝසප්ගේ උප නායකත්වයෙන් ද…

‘මිල්ටන්‘ෆ්ලොරිඩාවට පහර දෙයි – ජීවිත 16ක් බිලි ගනියි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑ ”මිල්ටන්” සුළි කුණාටුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබේ. මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බව බලධාරීන් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිල්ටන් සුළි කුණාටුව මේ වන විට අත්ලාන්තික් සාගරය හරහා හමා යමින් පවති.…

පාකිස්තානයේ කාන්තාවන් අටකගෙන් අයකුට පියයුරු පිළිකා-විකිරණ චිකිත්සක ආයතනය කියයි

පාකිස්තානයේ න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව, පිළිකා රෝග අධ්‍යයන හා විකිරණ චිකිත්සක ආයතනයේ සංඛ්‍යාලේඛනවලට අනුව එරට කාන්තාවන් අටදෙනකුගෙන් එක් අයකුට පියයුරු පිළිකාවෙන් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී කණ්ඩායමක් පසුගියදා පියයුරු පිළිකාව සම්බන්ධව කාන්තාවන් දැනුවත් කිරීමේ ප්‍රවර්ධන…