News Editor

News Editor

දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රාජපක්ෂ රට වෙනුවෙන් මා සමඟ එක් වුණා

දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රාජපක්ෂ රට වෙනුවෙන් තමා සමඟ එක්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ නීතිඥ දිවියට හතළිස්…

සිනමා කේෂ්ත්‍රයේ නිරත  කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කරනවා – ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග

මෙරට සිනමා කර්මාන්තය නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග පැවසීය. එසේම සිනමා කර්මාන්තයේ සහ කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් වූ සුදුසු යෝජනා මාලාවක් සකස්…

එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය අලුත් කරයි

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වැනි දින සිට යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ. හදිසි…

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි. සාම්ප්‍රදායිකව වාර්ෂිකව මහ කන්නයේ නෙලාගත් වී අස්වැන්නෙහි නොඉඳුල් සහලෙහි අග්‍රඵලය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීමේ මෙම අලුත්…

නිල සංචිත වත්කම් මාර්තු­වේදී 9.5%කින් ඉහ­ළට

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමා­ණය මේ වසරේ මාර්තු මාසයේ 9.5%කින් ඉහළ ගොස් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 5 සීමාව දක්වා පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නව­තම දත්ත වාර්තා මඟින් පෙන්වා දෙයි. ඒ අනුව 2024 පෙබ­ර­වා­රිය අව­සා­නයේ එක්සත් ජන­පද ඩොලර්…

අධ්‍යා­පන අමා­ත්‍යාංශ වෙබ් අඩ­විය බිඳ­වැ­ටීම AI සිසු­ව­කුගේ වැඩක්

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල වෙබ් අඩ­වි­යට සයි­බර් ප්‍රහා­ර­යක් එල්ල වීම හේතු­වෙන් එය තාව­කා­ලික බිඳ­වැ­ටී­ම­කට ලක්ව ඇති බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි. මේ ප්‍රහා­රය එල්ල කර ඇත්තේ උසස් පෙළ සිසු­වකු බව හඳුනා ගෙන ඇතැයි එම අමා­ත්‍යාං­ශය වැඩි දුර­ටත් සඳ­හන් කරන අතර, කෘත්‍රිම…

පාස්කු ප්‍රහාරය ගැන සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කෙරේ

පාර්ලිමේන්තුව එළඹෙන අප්‍රේල් 24,25 සහ 26 දිනවලදී රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමටද එහිදී තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන…

මැති ඇමතිවරු නැකතට වැඩ කරලත් අවුරුදු 75 කට පස්සෙ රට බංකොලොත් – සංස්කෘතික ඇමති

නැකැත් හරි හෝ වැරදි විය හැකි බවත් තමන්ගේ ආත්ම විශ්වාසය සමඟ වැඩකටයුතු සිදු කරන ලෙස බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. නැකැත් කමිටුව පත්වන ආකාරය තමන් නොදන්නා අතර 1992 වසරේ වී.ජේ.මූ. ලොකුබණ්ඩාර විසින් නැකැත් කමිටුවක් සකස් කර…

69 ලක්ෂයම ඡන්දෙ දුන්නත් අනුරට ලක්ෂ 75ට එන්න බෑ – චන්දිම වීරක්කොඩි

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් වන්නේ අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා. ඒ අතරින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පසුගිය මැතිවරණයෙන් ලක්ෂ 56 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයා බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

දමිතා අබේරත්න සහ සැමියා අප්‍රේල් 17 වනදා දක්වා රිමාන්ඩ්

ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අප්‍රේල් 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් (05) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.