News Editor

News Editor

සුරාසැල් වැසෙයි

දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් අප්‍රේල් 12 සහ 13 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

ICC Women’s T20 World Cup Qualifier: ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායිකාව ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ චමරි අතපත්තුයි. සංචිතය සදහා 15 හැවිරිදි…

වීසා කාලය ඉක්මවූ 2,400 කට අධික විදේශිකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා – ආගමන විගමන දෙපාර්තමේන්තුව

වීසා කාලය ඉක්මවූ 2,400 ඉක්මවූ විදේශිකයන් පිරිසක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙරට තුළ ව්‍යාපාරවල නිරතවන විදේශිකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔවුන් මේ බව සඳහන් කර…

විදුලිය තාවකාලිකව විසන්ධි කිරීම ලබන 22 වැනි දා දක්වා අත්හිටුවයි

එළඹෙන උත්සව සමයට පෙර නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා. ඒ අනුව ලබන 22 වනදා දක්වා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. අලුත් අවුරුදු…

කෝටි 06ක හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 105ක් ග්‍රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාලිගාවත්ත පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී මුදලින් තවත් රුපියල් ලක්ෂ හත හමාරක්ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.…

ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු ඇරඹේ

2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි ඊළඟ අදියර වශෙයන් මැයි මස 6 වෙනි දා දක්වා ඡන්ද හිමියන්ගේ හිමිකම් ඉල්ලීම් කාලය පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…

අනුර හා සජිත් අතර සමස්ත අර්බුදයෙන් රට ගොඩගැනීමේ මාවත පිළිබඳ විවාදයකට සූදානම් – වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජ ගත කිරීමට උත්සාහ දරමින් ඇති බව වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. දෙපාර්ශ්වය අතර විවාදයක් පිළිබඳ…

අප්‍රේල් 15 රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මේ බව නිවේදනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායකගේ ඇප ඉල්ලීම (10) ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අනුව නඩු විභාගය අවසන් වනතුරු සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කර…

2025 වසරේ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තබාගත හැකියි – රංජිත් සියඹලාපිටිය

රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් 2025 වසරේ සුබවාදී බලාපොරොත්තු තබාගත හැකිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් තිබීම මෙයට හේතුව බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. රටේ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් ක්‍රමක්‍රමයෙන්…