News Editor

News Editor

මහ බැංකුව යළිත් ඩොලර් මිලට අරන්

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 මාර්තු මාසයේදී විදේශ විනිමය වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 715ක් මිලදී ගෙන තිබෙන බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. එමෙන්ම මහ බැංකුව විසින් පෙබරවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 239.5ක් විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබේ. ඒ…

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් නාවික හමුදා භාරයට

හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. නාවික හමුදාව දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක් සමග බහුදින ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගනු ලැබූ බව…

ළමා නිවාසවල දරුවන්ට ජනපතිගෙන් අවුරුදු තෑගි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූ දරුවන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව (13) සිදු කෙරේ. නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවෙකුටම අවුරුදු සතුට ලබාදීම…

විශේෂ රාජ්‍ය සමාවක් ලැබෙන සිරකරුවන් මෙන්න

 (13) යෙදෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 917 දෙනෙකුට රාජ්‍ය සමා කාලයක් ලබාදී ඇති බව බන්ධනාගාර කොමසාරිස්(මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී දිසානායක මහතා පවසයි. ඒ අනුව පිරිමි සිරකරුවන් 896කට සහ කාන්තා රැඳෙවියන් 21 දෙනෙකුට අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ රාජ්‍ය…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වලත් මො​ණරාගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ…

අලුත් අවුරුද්දේ ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා (12) දිනයේත් ක්‍රියාත්මක වනවා. සාමාන්‍ය කාලසටහන්වලට අමරතව විශේෂ දුම්රිය දෙකක් අද ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩයේ අතිරේක…

උත්සව සමයේ ලංගම දෛනික ආදායම රු. මිලියන 25කින් වැඩිවෙයි

සිංහල හා දෙමළ අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය 5 වනදා සිට අතිරේක බස්…

අද උණුසුම් කාලගුණය පිළිබඳව අවධානය යොමුකළ යුතු ප්‍රදේශ

(12) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මෙම තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින්…

අවුරුදු සමයේ අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත්…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්…