News Editor

News Editor

රුසියානු-යුක්රේන අර්බුදය නිමා කළ හැක්කේ දේශපාලන විසඳුමකින් පමණයි – චීනය අවධාරණය කරයි

දේශපාලනමය විසඳුම යුක්රේන අර්බුදය සමථයකට පත් කිරීමට ඇති එකම මාර්ගය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ගෙං ෂුවං පවසයි. මේ සම්බන්ධයෙන් 11 වැනිදා ආරක්ෂක මණ්ඩලයේ පැවති සමාලෝචන රැස්වීමක දී ඔහු මේ බව සඳහන් කළේ ය. දේශපාලන විසඳුමක් සඳහා…

“ඊනියා තායිවාන ස්වාධීනත්වයක්” හුවාදක්වන ඕනෑම ප්‍රයත්නයක් මර්දනය කරන බව චීනය කියයි

“ඊනියා තායිවාන ස්වාධීනත්වයක්” හුවාදක්වන ඕනෑම ආකාරයක බෙදුම්වාදී ක්‍රියාවක් චීන මහජන විමුක්ති හමුදාව මගින් මර්දනය කරන බව චීනය කියා සිටී. චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක වූ චියැන්, මෑතකාලීනව උද්ගතව ඇති හමුදාමය අර්බුද පිළිබඳව අදහස් පළ කරමින් (12) මේ බව පැවසීය. ඇමරිකානු හමුදාවේ…

ජර්මානු චාන්සලර්වරයා චීනයේ නිල සංචාරයකට සූදානම්

ජර්මානු චාන්සලර් Olaf Scholz  චීනයේ නිල සංචාරයකට සැරසෙයි. ඔහු අප්‍රේල් 14 වැනි දා සිට 16 වැනි දා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං නිවේදනය කළාය. ජර්මානු චාන්සලර්වරයා පැමිණෙන්නේ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං ගේ…

ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි

කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබේ. පොලීසිය පැවසුවේ, ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි තබා ඇති බවය. (11) අලුයම 4.30ට පමණ කනංකේ රජමහා විහාරය අසල ප්‍රදේශයේදී ගවයෙක් ලොරි රථයකට පටවනු නිරීක්ෂණය කළ…

12 හැවිරිදි දැරියක් දුම්රියෙන් එළියට විසිවෙයි

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක ගමන් ගත් 12 හැවිරිදි දැරියක් එහි ජනේලයකින් එළියට අත දමා සේදීමට යාමේදි දුම්රියෙන් වැටී ඇති බව වාර්තා වේ. බරපතළ තුවාල ලබා දැරිය වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. දුම්රිය මැදිරිය තුළ ආහාර…

පැහැර ගත් තරුණයෙක් පොලිස් මෙහෙයුමෙන් බේරා ගැනෙයි

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නියුතු තරුණයෙකු පහර දී , සුදු පැහැති වෑන් රථයකින් පැහැර ගෙන ගොස් සිටි කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ රියැදුරන් දෙදෙනෙකු පසුගිය (11) වැනි  රාත්‍රී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට…

IndiGo, මුම්බායි – කොළඹ සෘජු ගුවන් ගමන් අරඹයි

මුම්බායි – කොළඹ සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් ඊයේ(12) උදෑසන IndiGo ගුවන්සේවයේ Airbus A320 ගුවන්යානයක් ගුවන් ගමන් අංක 6E1185 යටතේ ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. ඒ අනුව IndiGo සතියකට තුන් වතාවක් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට…

ජනප්‍රිය පොප් ගායිකාවක් අබිරහස් ලෙස මරුට

ජනප්‍රිය කොරියානු පොප් ගායිකා පාර්ක් බෝරම් (Park Bo Ram) අබිරහස් ලෙස මිය ගොස් තිබේ. 30 හැවිරිදි පාර්ක් බෝරම් මිය යාමට පැය කිහිපයකට පෙර පසුගිය බ්‍රහස්පතින්දා(11) සවස සිය මිතුරන් දෙදෙනෙකු සමග පෞද්ගලික සාදයකට සහභාගි වී ඇති අතර ඇය එහිදී මත්පැන් පානය…

අන්තර්-විශ්වවිද්‍යාලයීය ප්‍රශ්න විචාරාත්මක තරගාවලියට යූනියන් ඇෂුවරන්ස් අනුග්‍රහය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, සිය ප්‍රථම අන්තර්-විශ්වවිද්‍යාල ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය සාර්ථකව නිම කළ බව සාඩම්බරයෙන් යුතුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ අනාගත ශ්‍රම බළකායේ බුද්ධිමය දායකත්වය සහ විශිෂ්ට කුසලතා සැමරීමේ අරමුණින් පැවැත්වූ, මෙම තරගාවලියට දිවයින පුරා…

සියපත ෆිනෑන්ස් පීඑල්සී 2024 කාන්තා දිනය සමරයි

“ඇය සවිබල ගැන්වීම දැය සවිබල ගැන්වීමයි” තේමාව පෙරදැරිකොට ගනිමින් ශ්‍රී ලාංකේය දිරිය කාන්තාවන් සවිබලගැන්වීම තම තිරසර මූල්‍ය ප්‍රතිපත්තියේ එක් ප්‍රමුඛ අරමුණක් කරගත් සියපත ෆිනෑන්ස් පීඑල්සී 2024 මාර්තු 8 වැනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානවත් ලෙස සමරන්නට යෙදිණි. ඒ…