News Editor

News Editor

ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙන් – ජනපති

ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙන් බවත් අලුත් අලුත් සිතිවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. සාම්ප්‍රදායික…

නව ජාතික පුනරුදයක් සඳහා වන ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් – අනුර

රටටත් ජනතාවටත් සැබෑ ජයග්‍රහණ අත්පත් කර දෙන නව ජාතික පුනරුදයක් සඳහා වන ඓතිහාසික ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. පවතින ආර්ථික අර්බුදය තුළ ජනතාවගෙන් බොහෝ පිරිසකට නව අවුරුද්ද තම…

පොලිස් නිලධාරීන් සීමාව ඉක්මවා බලය පාවිච්චි කළොත් ඒවාට පුද්ගලිකව වගඋත්තර බඳින්න වෙනවා – පොලිස්පති

පොලිස් නිලධාරීන් රාජකාරී කිරීමේදී සීමාව ඉක්මවා බලය පාවිච්චි කළහොත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව වගඋත්තර බඳින්නට සිදුවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් හේතුවෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ…

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙකු අහංගම ප්‍රදේශයේදී ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ නෝට්ටු මුද්‍රණය කරන ලද කඩදාසි තොගයක් පොලිස්…

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට අවුරුදු තෑගි පාර්සල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක  ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් සඳහා  අවුරුදු ත්‍යාග පාර්සල් බෙදාදීම (13) දිවයින පුරා සිදු කෙරිණි. කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල අද උදෑසන ආරම්භ…

අලුත් අවුරුදු පණිවිඩය

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරයි. ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙනි. අලුත් අලුත් සිතිවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙනි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම, කැලැන්ඩර අවුරුද්දට අලුත් වීම, සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුනට…

සුදුසුකම් ලැබීමේ සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

15 හැවිරිදි ගිම්හානිටත් අවස්ථාවක් විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කටයුතු කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩිකාවෝ 15 දෙනකු ඇතුළත් වන අතර, තවමත් ජාත්‍යන්තර…

සීසීසී ක්‍රිකට් කණ්ඩායම් දෙකක් ඉන්දීය සංචාරයක

සීසීසී ක්‍රිකට් පුහුණු පාසලේ කණ්ඩායම් දෙකක් තරග සංචාරයක් සඳහා පසුගියදා (10) ඉන්දියාව බලා පිටත්ව ගියේය. ප්‍රවීණ පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතා යටතේ ඇති සීසීසී පාසලේ 25 වැනි ක්‍රිකට් සංචාරය මෙය වීම විශේෂත්වකි. මේ යටතේ 12න් පහළ සහ 15න් පහළ කණ්ඩායම් ඉන්දියාවේ…

දකුණු කොරියාවේ සිදු වූ බල පෙරළිය

දකුණු කොරියාවේ විපක්‍ෂයට එරට පාර්ලිමේන්තුවේ බලය ලබාදෙමින් එරට මහ මැතිවරණයෙන් විශිෂ්ට බහුතරයක් ඔවුන් දිනාගෙන තිබේ. ඩිමොක්‍රටික් පක්ෂය (ඩීපීකේ) සහ කුඩා විරුද්ධ පක්ෂ එක්ව ජාතික සභාවේ ආසන 300කින් 192ක් දිනා ගත්හ. මෙම මැතිවරණය පැවැත්වුණේ වත්මන් ජනාධිපති යූන් සුක් යොල් හට වසර…

බටහිර ඔස්ට්‍රේලියාවෙන් මාරාන්තික මදුරු විශේෂයක් හමුවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ පිල්බරා ප්‍රදේශයෙන් මාරාන්තික එන්සෙෆලයිටිස් මදුරු විශේෂය හමුවී තිබේ. මේ හේතුවෙන් මදුරුවන්ගෙන් බෝ විය හැකි වෛරසයක් පිළිබඳ බටහිර ඔස්ට්‍රේලියාවේ බියක් මතුවී ඇති බව වාර්තාවේ. ප්‍රථම වරට පිල්බරා ප්‍රදේශයෙන් මරේ වැලි එන්සෙෆලයිටිස් වෛරසය සොයා ගැනීමෙන් පසුව සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම්…