News Editor

News Editor

අලුත් අවුරුදු අරන් පොලිස්පතිතුමා කොළඹ සංචාරයක

පොලිස්පතිතුමා විසින් (14) දින කොළඹ ප්‍රදේශයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් හමුවී ඔවුන්ට උදාවූ සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කළේය. මෙහිදි එම නිලධාරින්ගේ සුවදුක් විමසා ඔවුන්ගේ චිත්ත ධෛර්ය වැඩිකිරීම වෙනුවෙන් අළුත් අවුරුදු සංග්‍රහයක් සිදු කළ…

පැය 24ක් තුළ රිය අනතුරුවලින් මරණ 10 ක් වාර්තා වෙයි

ගතවූ පැය 24 තුළ මාර්ග අනතුරු 08ක් වාර්තාවී ඇති අතර එම අනතුරුවලින් මරණ 10 ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා. මෙම අනතුරු 8න් 05ක් සිදුවී ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවයි පොලීසිය සඳහන් කළේ. බොහෝ මාර්ග අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල…

අනිද්දා දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මකයි – ලංගම

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අනිද්දා (17) දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, පවතින පෞද්ගලික බස් රථ…

ඩෙංගු රෝගීන් ඉහළට

මේ වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහිදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඩෙංගු මර්ධනය…

ශ්‍රී ලංකාවට වැඩියෙන් ලැබෙන සංචාරක ආකර්ෂණය

අප්‍රේල් මාසයේ ගෙවුණු මුල් දින නවය ඇතුළත සංචාරකයින් මෙරටට පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකි බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව සංචාරකයින් 50,537ක් අදාළ කාලසීමාව තුළ මෙරටට පැමිණ තිබෙන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටියේ. ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව…

තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ 08 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මූතූර්, උප්පාරු මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් සහ තහනම් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. (14) පස්වරුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම පිරිස නාවික හමුදා භාරයට…

Taylor Swift ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවට එක්වෙයි

ටේලර් ස්විෆ්ට් (Taylor Swift) ලොව ලොව ධනවත්ම පුද්ගලයින් අතර ශ්‍රේණිගත කිරීම සඳහා එලොන් මස්ක් සමග එක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු පොප් තරුව ඩොලර් බිලියන 1.1 වත්කමක් සමගින් Forbes World’s Billionaires ලැයිස්තුවට ප්‍රථම වතාවට ඇතුළු වූ බවයි…

අතුරුදන් වූ දරුවෙක් නිසා බටහිර ඉවුරේ ප්‍රචණ්ඩත්වයක්

බටහිර ඉවුරේ අතුරුදහන් වූ  පිරිමි ළමයෙකු සෙවීමේ ඊශ්‍රායල මෙහෙයුමක් අතරතුර ප්‍රචණ්ඩත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රදේශයේ සිටි යුදෙව් පදිංචිකරුවන් සමග ඇතිවූ ගැටුම්වලින් පලස්තීන ජාතිකයෙකු මිය ගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්. අතුරුදන් වූ 14…

සිඩ්නි ප්‍රහාරකයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියාට ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රශංසා

සිඩ්නි නුවර වෙළෙඳ මධ්‍යස්ථානයකදී පුද්ගලයන් හය දෙනෙකුට මාරාන්තික ලෙස පිහියෙන් ඇන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ ඕස්ට්‍රේලියානු පොලිස් නිලධාරිනිය එරට අගමැතිනිය වීරයෙකු ලෙස පිළිගෙන තිබෙනවා. බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස හඳුන්වමින් අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසුවේ එම පොලිස් නිලධාරිනිය ජීවිත බේරාගත් බවට…

නීති කඩන බස් රියදුරන් ගැන 1955 ට කියන්න

මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු…