News Editor

News Editor

ජනපති අරමුදල අවභාවිත කළ 22ක් ගැන CID විමර්ශන

පැවති ආණ්ඩු සමයේදී ජනපති අරමුදලේ මුදල් අවභාවිත කළ බව කියන පුද්ගලයන් විසිදෙදෙනෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබේ. එම පුද්ගලයන් අතර දේශපාලනඥයන් වැඩි දෙනකු සිටින බවත් ඒ අය අතර පසුගිය ආණ්ඩුවල ප්‍රබල චරිත පවා සිටින බවත් අපරාධ…

සහල් ආනයනයට ආහාර කමිටු නිර්දේශය

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් දීම අරමුණු කරගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව රජයට නිර්දේශ කර ඇත. අස්වැන්න නෙළන තත්ත්වයක් තුළ වුවත් මේ වන විට වෙළෙඳපොළහි සහල් මිල ඉහළ යෑමක් නිරීක්ෂණය වන බව අනාවරණය වී තිබේ.…

ට්‍රම්ප් ලංකාවට 44% ආනයන බද්දක් දමයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව…

සුපිරි වෙළෙඳසැල් 23කට පැවරූ නඩු

උත්සව සමය තුළ වෙළෙඳපොළේ දී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වළක්වාලීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳසැල් 23ක වැටලීම් සිදුකර තිබෙනවා. එම සුපිරි වෙළෙඳසැල් අතරින් වෙළෙඳසැල් 16 ක කල්ඉකුත් වූ භාණ්ඩ…

IMF නියෝජිතයෝ අද ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අද (03) මෙරටට පැමිණීමට නියමිතය. එම නියෝජිත පිරිස අද (03) සිට 11 වැනිදා දක්වා මෙරට රැඳී සිටිමින් මෙරට දේශපාලන අධිකාරිය, මූල්‍ය බලධාරීන් සමඟ…

මෝදි හෙට එයි

ශ්‍රී ලංකා – ඉන්දීය මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හෙට (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන ඉන්දීය අගමැතිවරයා එළඹෙන 06 වැනිදා තෙක් ශ්‍රී…

අදත් මී.මී. 100 ඉක්මවූ තද වැසි

දකුණු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත්…

එක්සත් රාජධානියේ සම්බාධක ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක්

මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අමාත්‍ය  කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙයි. මේ සඳහා සාමාජිකයින් 3 දෙනෙකුගෙන් සමන්විත කමිටුවකුයි  පත්  කර ඇත. මෙහි සාමාජිකයින් ලෙස විදේශ…

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු ලබන ප්‍රතිලාභවල වටිනාකම් ඉහළ නංවමින් එම යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම පිණිස 2025‑03‑17 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙයි. ඒ අනුව, සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය අංක…

වට්ස්ඇප් හරහා WPCට අසභ්‍ය ඡායාරූප යැවූ PCට වැඩ වරදී

වට්ස්ඇප් ගිණුම හරහා පොලිස් කොස්තාපල්වරියකගේ ජංගම දුරකතනයකට, තනතුර අතහැරයෑමේ නියෝගය ලබා සිටින පොලිස් කොස්තාපල්වරයෙක් සිය ලිංගික අවයවය ඡායාරූපගත කොට යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය විසින් ඔහුව පෙරේදා (31) අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර කොස්තාපල්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයේම සේවයේ නිරතව සිටි අයෙක්…