News Editor

News Editor

අපි තාම ස්ටේජ් නැග්ගේ නෑනේ ඔහොම යං – ඩයනා

ජාතික ජන බලවේගයට මේ වන විට ඇති රැල්ල මැතිවරණය පැමිණෙන විට යන්නේ කොහේටද දැයි බලාගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. මෙවැනි රැළි ඕනෑ තරම් දැක ඇති බවත්, එක් අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයට රැල්ලක් පැමිණි බවත්, නමුත් අවසානයේ එක්…

පාස්කු ප්‍රහාරයට එරෙහිව ජාතික ජන බලවේග රජයක් තුළදී ක්‍රියාකරන ආකාරය ගැන ප්‍රතිඥාවක්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව විසඳීම සඳහා ජාතික ජන බලවේගය රජයක් තුළ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන කරුණු 7කින් යුත් ප්‍රතිඥාවක් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ…

දැන් වමේ දේශපාලනයක් නෑ – නිමල්

ලෝකයේ කිසිදු රටක මේ වනවිට වමේ දේශපාලනයක් නොමැති බවත්, එය හුදෙක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ප්‍රතිපත්තියක් ඇති බවට එයම පමණක් අල්ලාගෙන සිටීමෙන් පළක් නොවන බවත්, අලුතින් සිතිය යුතු බවයි උත්සවයක් අමතමින්…

මෙවර සා/පෙළට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට හැකි අතර පෞද්ගලික…

මියන්මාරයේ සිරදඬුවම් නියමව සිටි ලාංකික ධීවරයින්ට පොදු සමාවක්

මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී තිබේ. ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත. මුහුදු සීමා උල්ලංඝණය කිරීමේ වරදට පසුගිය…

අවුරුදු දිනවල සත්තු වත්තෙනුත් වාර්තා ගත ආදායමක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානය අලුත් අවුරුදු දින තුනේ (13,14,15) රුපියල් ලක්ෂ 47කට අධික ආදායමක් උපයා තිබෙන බව එහි සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු පවසයි. අවුරුදු නිවාඩුවේ විශාල නරඹන්නන් පිරිසක් දිවයිනේ විවිධ පළාත්වලින් දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි බව ඇය වැඩිදුරටත් පවසා සිටියාය.…

ජල නාස්තිය අවම කිරීමට මාර්ගෝපදේශ මාලාවක්

අනාගතයේදී පාරිභෝගික ජනතාවට ජලය සැපයීම වඩාත් දුෂ්කර කාර්යයක් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් ජල නාස්තිය අවම කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විසින් සැලසුම්…

ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබේ. මෙම තරගාවලිය පසුගිය අප්‍රේල් 12වැනිදා සිට 14 වැනිදා දක්වා බ්‍රිස්බේන්හි පැවති අතර රටවල් 25ක් නියෝජනය කරමින් තරගකරුවන් මේ සඳහා සහභාගී වී…

කොළඹ සහ ඩකා අතර නව සෘජු ගුවන් සේවාවක්

ෆිට්ස් එයාර් (Fits Air) සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ හා බංග්ලාදේශයේ ඩකා අතර(16) සිට සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ගුවන්තොටුපල සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම විසින් මේ බව නිවේදනය කරන ලදී. Fits Air මේ දක්වා කොළඹ සිට ඩුබායි,…

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන්

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(17) පෙරවරුවේ සිදු කෙරුණි. අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් පවසයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම(16)…