News Editor

News Editor

පාකිස්තානයේ ෂියා මුස්ලිම් ප්‍රජාවට ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක්

පාකිස්තානයේ තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ටෙහ්රිකි තලේබාන් පාකිස්තාන සංවිධානය සහ තවත් සුන්නි මුස්ලිම් ප්‍රජාවට අයත් කණ්ඩායම් කිහිපයක් ඉදිරියේදී ගිල්ගිට් පළාතේ ෂියා මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි එරට දේශපාලන විශ්ලේෂකයකු වන ආචාර්ය සකරියා…

ගංවතුරට යට වූ ඩුබායි ගුවන්තොටුපොළ යළි මෙහෙයුම්

ගමන් වාර 300ක් අවලංගු කරලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගංවතුරෙන් යටවීම හේතුවෙන් ගුවන් ගමන් වාර 300ක් අවලංගු කිරීමටත්, තවත් ගුවන් ගමන් වාර 450ක් පමණ ප්‍රමාද කිරීමටත් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පස්වරුව වන විට…

කැනඩා ඉතිහාසයේ දැවැන්තම රන් කොල්ලය හසු වෙයි

වටිනාකම ඩොලර් මිලියන 14.5ක් ආයුධ තොගයකුත් අල්ලයි කැනඩා ඉතිහාසයේ විශාලතම රන් ජාවාරම හසු කරගැනීමට එරට පොලිසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා ටොරොන්ටෝ නුවර පියර්සන් ගුවන්තොටුපොළෙන් සොරා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 14.5ක් වටිනා රන් පොලු 6,500ක් සමඟ මිලියන…

පැය 24ක් ඇතුළත චීන ප්‍රහාරක යානා 10ක් ගුවන් සීමාව උල්ලංඝනය කළ බවට තායිවානයෙන් චෝදනා

චීන හමුදා ගුවන් යානා 10ක් සහ නාවික ප්‍රහාරක යාත්‍රා 7ක් පෙරේදා සිට පැය 24ක කාලයක් පුරා තායිවාන අවට සැරි සැරූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ චීනයට අයත් ඔත්තු සැපයීමේ බැලූනයක් ද තායිවාන…

උතුරු ඉන්දුනිසියාවේ ගිනි කන්දක් සක්‍රිය වෙයි

උතුරු ඉන්දුනිසියාවේ ගිනි කන්දක් සක්‍රිය වීමෙන් ඒ අවට පදිංචි වී සිටි 11,000කට වැඩි ජනතාව ඉවත් කිරීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුවන්ග් කඳුකරයේ පිහිටි එම ගිනි කන්ද පසුගිය අඟහරුවාදා සිට අඛණ්ඩව පුපුරා යෑමට පටන් ගෙන ඇතැයි ද, කිලෝමීටර් 6කට…

ලොව විශාලතම මහමැතිවරණය අද ඉන්දියාවේ ඇරඹේ

ඡන්දදායකයෝ මිලියන 970ක් ඡන්ද මධ්‍යස්ථාන මිලියනයකට වැඩියි මිලියන 970ක ඡන්දය මඟින් මන්ත්‍රීවරු 543 දෙනකු තෝරා පත්කර ගන්නා ලොව විශාලතම මහමැතිවරණය අද (19) ඉන්දියාවේ දී ආරම්භ වේ. එරට 18 වැනි ලෝක් සභා (පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) මැතිවරණය ලෙස හඳුන්වනු ලබන ඉන්දීය…

පාලිත කියන්නේ මිනිසුන්ට ආදරෙන් සලකන මිහිපිට දෙවියෙක් ඒක තමයි ඇත්ත

ඔය දෙවියා හින්දා තමයි අපි මේ වැටිලා ඉන්න මේ ගේ හම්බ වුණේ දෑස් නොපෙනෙන සුනිල් හැඬූ කඳුළින් කියයි හදිසියේ මගේ ඇස් දෙක අන්ධ වුණා.මට උන් හිටි තැන් පවා නැති වුණා. නැතිවෙලා මම බිරියගේ ගෙදර ගියා.මම පුංචි පැළක් හදාගෙන ජීවත් වුණා.ඒ…

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජාජබ පොරොන්දුව දේශපාලන ගේමක්

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ සැබෑ මහ මොළකරුවන් රටට හෙළිදරව් කරන බව කියා ජනතාවට බොරු පොරොන්දු දී දේශපාලන උවමනාවන් ඉටු කරන්නට ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ නම් එය හෙළා දකින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද…

ස්වෛරී බැඳුම්කර ශ්‍රී ලංකා සාකච්ඡාවට IMF පූර්ණ සහාය

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට සම්පූර්ණ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. එම පාර්ශ්වයන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණීමෙන් පසු විධිමත් තක්සේරුවක් ලබාදෙන බව ද ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 12ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත…

රජයක වගකීම ව්‍යවසායකයන් බිහි කිරීම විනා ව්‍යාපාරවල නිරත වීම නොවේ

කේ.එස්.පී.ඒ. ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිපැයුම් අරඹමින් සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක පවසයි රජයක් සිටිය යුත්තේ ව්‍යවසායකයන් බිහි කිරීමට සහ ඔවුන් දිරි ගැන්වීමට විනා ව්‍යාපාර කිරීමට නොවන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ කේ.එස්.පී.ඒ. ඇඹිලිපිටිය…