News Editor

News Editor

ව්‍යාජ දුරකථන ඇමතුම් මඟින් වන වංචාවක් ගැන හෙළිදරව්වක්

ව්‍යාජ දුරකථන ඇමතුම් මඟින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබෙයී. එම නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 09කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී එම…

කාලගුණය කැළඹෙයි – ප්‍රදේශ රැසකට මි. මී. 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ…

පාස්පෝට් අද සිට බෙදා හරිනවා – අමාත්‍ය විජිත හේරත්

ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය පෙරේදා (19) රාත්‍රියේ මෙරටට ලැබුණු බවත් ඒ අනුව අද (21) සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් අමාත්‍ය විජිත හේරත් පැවසීය. මේ අනුව පාස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන් කරන බවද හෙතෙම පැවැසීය. මේ…

වතුකරයේ පාසල්වල් වැඩිදියුණුවට ඉන්දීය රජයෙන් මිලියන 600ක්–ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය

වතුකරයේ පාසල් නවයක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 600ක් ලංකා රජයේ ඉල්ලීම පරිදි වෙන්කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි. ඊට අදාළ රාජ්‍ය තාන්ත්‍රික ලිපි අත්සන් කිරීම ඉකුත්දා (18) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් එච්.…

නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් සංගුපිටිය පාලම අබලන් වෙලා

යාපනය – මන්නාරම මාර්ගයේ පිහිටි සංගුපිටිය පාලම දැඩි ලෙස අබලන් වීම නිසා 20දා සිට සියලුම බර වාහනවලට පාලම මතින් ගමන් කිරීම තහනම් කොට තිබේ. එම මාර්ගයේ ගමන් කරන බස් රථවලට පාලමට පෙර මගීන් බිමට බස්සවා යළි පාලම පසු කිරීමෙන් පසුව…

මහින්ද වාහන 8ක් භාරදීලා රනිල් ළඟ 11ක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16න් 8ක් දැනටමත් භාර දී ඇති අතර අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ වාහන 11ක් මේ වන විටත් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙරේදා (19) සඳහන් කළේය. එම…

අපක්ෂපාති පරීක්ෂණයක් වෙනුවෙන් ජනපතිට ඉල්ලීමක්

වසර 24කට ඉහතදී යාපනයේදී ඝාතනයට ලක් වූ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම්ගේ 24 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් උතුරු නැගෙනහිර මාධ්‍ය සංගම් එක්ව පෙරේදා 19 සමරු වැඩසටහන් ගණානාවක්ම ක්‍රියාත්මක කොට තිබිණි. ඒ සමරු වැඩසටහන්වලින් පසුව නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට…

හිටපු වරාය ඇමැති රෝහිතගේ බෑනාගේ ලියාපදිංචි නොකළ වාහන 2ක් මහනුවරදී අල්ලයි

පසුගිය රජය සමයේ වරාය හා නාවික ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් දැරූ රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා කෙනකු බව කියන මහනුවර ප්‍රධානපෙළේ වාහන සේල් හිමියකුගේ පුත්‍රයකුට අයත් අනිවත්තේ පිහිටි නිවාස පරිශ්‍රයක සඟවා තිබූ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ…

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර

නිදහස් සහ වගකිවයුතු මාධ්‍ය සම්ප්‍රදායක් ඇති කර ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට අයිතිවාසිකම් දී මාධ්‍යවේදීන්ගේ පවුල් සඳහා සුබසාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (19) මාධ්‍ය උපමාන හා…

බණ්ඩාරවෙල කිරිඔරුව මාර්ගය ගිලාබැහැලා-මාර්ග සංවර්ධන අධිකාරියේ දියතලාව ප්‍රා/ ඉංජිනේරු ජනක රත්නායක

බණ්ඩාරවෙල, බිඳුණුවැව, දික්උල්පත, කිරිඔරුව මාර්ගය ගිලා බැසීමට ලක් වීමෙන් මාර්ගයේ මීටර් 25ක පමණ කොටසක් කැඩී ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ දියතලාව ප්‍රාදේශීය ඉංජිනේරු ජනක රත්නායක මහතා පවසයි. මේ මාර්ගය ඔස්සේ බණ්ඩාරවෙල, බිඳුණුවැව හරහා කිරිඔරුව දික්උල්පත දක්වා මගී ප්‍රවාහන බස් රථ…