News Editor

News Editor

හැටන් – මහනුවර මාර්ගයේ සිදු වූ බස් අනතුරින් 03 ක් මරුට

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් සිදු වූ අනතුරෙන් මේ වනවිට තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. හැටන් සිට මහනුවර බලා ගමන්ගත් මෙම පෞද්ගලික බස් රථය මල්ලවාප්පු ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ගොස් තේ වත්තකට පෙරළීමෙන්…

ජනාධිපති මාධ්‍ය අංශයේ රු. ලක්ෂ 1420ක භාණ්ඩ අතුරුදන්

ජනාධිපති මාධ්‍ය අංශයේ භාවිතය වෙනුවෙන් ලබාගත් ලක්ෂ 1420ක කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් යළි මාධ්‍ය අංශයට ලබා දී නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණය කර ගෙන ඇත. 2015 වර්ෂයේ සිට 2020 දක්වා වූ කාලය තුළ එලෙස…

මේ කෙටි කාලය තුළ ආණ්ඩුවේ වැඩ හොදයිලු – බ්‍රිතාන්‍යයෙන් ක්‍රෙඩිට් එකක්

බලයට පත්ව කෙටි කාලයක් තුළ ආණ්ඩුව ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රට නිවැරැදි ආර්ථික දිශානතියක ගමන් කරමින් සිටින බව නීරීක්ෂණය වන බවයි. මහකොමසාරිස්වරයා මේ…

පොලී ආදායම පමණක් ලබන අයට අගතියක් නැහැ

රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා වැඩි කිරීමෙන් විශ්‍රාමිකයන්ට හෝ පොලී ආදායමෙන් පමණක් දිවි ගෙවන කිසිවකුට අගතියක් ඇති වීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කරගැනීම සඳහා බදු යන්ත්‍රණය පුළුල්…

වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

මිල්කෝ ගොඩගන්න ඇමති ලාල් කාන්ත සූදානම්

පසුගිය රජය සමයේ විකුණා දැමීමට සුදානම් වු මිල්කෝ ආයතනය රටට ඉතා වටිනා සම්පතක් වන බැවින් රජය එය යළි ගොඩනැගීමට ක්‍රියා කරන බව අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා සදහන් කරයි. මිල්කෝ ආයතනයේ සංචාරයකට එක්වෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය. මිල්කෝ…

නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන

නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉන් ඇතැම් ආයතන පිළිබඳව නීතිමය කටයුතු අධිකරණයේ ක්‍රියාත්මක බව එහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සදහන් කළේය. සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ…

බිත්තර මිල තවත් පහළට

වෙළෙඳපොළේ බිත්තර මිල ඉදිරියටත් අඩුවීමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා කියා සිටියි. අද (21) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය. සභාපතිවරයා සඳහන් කර සිටියේ මේ වනවිට වෙළඳපොළේ බිත්තර මිල…

උපයන විට ගෙවීමේ බදු අඩු කර රැඳවුම් බදු වැඩි කිරීම අටුව කඩා පුටුව හැදීමක්-පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

බදු සංශෝධනයෙන් පුද්ගලයන් 121,000කගේ බදු අඩු කර ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161ක් රැඳවුම් බදු වැඩි කිරීම අටුව කඩා පුටුව හැදීමක් යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය. එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස ද සඳහන් වේ. “ආණ්ඩුව…

11 වැනි විත්තිකරුගේ පාපෝච්චාරණය රජයේ සාක්ෂියක් ලෙස පිළිගැනීමට තීරණය කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නඩුවේ 11 වැනි විත්තිකරු ලෙස නම් කර සිටින කාලිබ් සමීර් නමැත්තා ප්‍රහාරය සැලසුම් කළ ආකාරය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කළ පාපෝච්චාරණය රජයේ සාක්ෂියක් ලෙස පිළිගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ ඊයේ ඒකමතිකව තීරණය කළේය. විත්තිකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය…