News Editor

News Editor

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජය

නැඟී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගයෙන් හොංකොං ජාතික කණ්ඩායමට එරෙහිව ලකුණු 42ක ජයක් වාර්තා කළේය. ඊයේ ඕමානයේ අල් ඇමරට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන්…

සුළි කුණාටුවක් කියුබාවට අත වනයි

ගිනිකොනදිගින් බහමාස් රාජ්‍යයට කඩා වැදුණු ‘ඔස්කාර්‘ සුළි කුණාටුව ඊයේ කියුබාව දෙසට ගමන් කිරීමට පටන් ගත් බව අමෙරිකාවේ මියාමි ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘ඔස්කාර්‘ සුළි කුණාටුව බහමාස් රාජ්‍යයට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති කළ…

හිටපු හමුදා ජෙනරාල් සුබියැන්ටෝ ඉන්දුනීසියාවේ නව ජනපති ධුරයේ දිවුරුම් දෙයි

හිටපු හමුදා ජෙනරාල්වරයකු සහ ආරක්ෂක ඇමැතිවරයකු වූ ප්‍රබෝවෝ සුබියැන්ටෝ ඉන්දුනීසියාවේ නව ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව විශාලතම තුන්වැනි ප්‍රජාතන්ත්‍රවාදී රට වන ඉන්දුනීසියාවේ පසුගිය පෙබරවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් 58% ක විශිෂ්ට ජයක් වාර්තා කළ 73…

අනවසර සංක්‍රමණිකයෝ විසිදෙදහසක් සවුදි අරාබියේදී අත්අඩංගුවට

දේශසීමා ආරක්ෂක නීති හා නේවාසික, කම්කරු නීති උල්ලංඝනය කළ නීති විරෝධී සංක්‍රමණියක් 22,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත් බව සවුදි අරාබියේ ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය 10 වැනිදා සිට 16 වැනිදා දක්වා රට පුරා සිදු කළ…

කැනේඩියානු රජය දෙබිඩි පිළිවෙතක බවට ඉන්දියාවෙන් චෝදනා-ඉන්දීය රජය කැනඩාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කළ බවට අගමැති ටෘඩෝ කියයි

කැනඩාව කේන්ද්‍ර කරගත් ඉන්දීය විරෝධී සික් බෙදුම්වාදීන් ඉලක්ක කරමින් ඉන්දියාව සිය රාජ්‍යයේ ස්වෛරීභාවය උල්ලංඝනය කර ඇතැයි ද, එමගින් ඉන්දියාව බරපතළ වරදක් සිදු කර ඇතැයි ද කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙපාර්ශ්වය අතර සික් බෙදුම්වාදීන්…

ඊශ්‍රායල ප්‍රහාරයෙන් උතුරු ගාසා තීරයේ 87ක් මරුට

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් උතුරු ගාසා තීරයේ පුද්ගලයන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව එම කලාපයේ පරිපාලනය බාර හමාස් සංවිධානය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම වාර්තාව පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් සිටින බවත්, මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව…

ඊශ්‍රායල අගමැතිවරයාගේ නිවෙසට ඩ්‍රෝන ප්‍රහාරයක්-හෙස්බුල්ලා සංවිධානයට වන්දි ගෙවීමට සිදු වනු ඇතැයි අගමැති කියයි

ඊශ්‍රායලයේ සීසේරියා ප්‍රදේශයේ පිහිටි එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පෞද්ගලික නිවෙසට හෙස්බුල්ලා සංවිධානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සෙනසුරාදා එල්ල වූ එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් නිවෙසට සුළු හානි සිදුවී ඇති අතර, ජීවිත හානි කිසිවක් සිදු නොවූ බව…

පාසල් සිසුන් නිර්මාණය කළ ලංකාවේ පළමු විත්‍රපටය ළඟදීම සිනමාහල් වලට

ශ්‍රී ලාංකික සිනමා වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්කරමින්  ප්‍රථම වරට   පාසල් සිසුන් පිරිසකගේ දායකත්වයෙන් පමණක්  නිර්මාණය කළ   සහ ලංකාවේ ලාබලතම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ද බිහිවෙන රොකට්  චිත්‍රපටය මේ 25 වනදා සිට  තිරගත වීමට නියමිතව තිබේ. මෙම සිනමා පටයේ අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය,…

ලෝක ප්‍රසිද්ධ ‘කුකිවොන්‘ සටන් ශිල්පී කණ්ඩායම ශ්‍රී ලංකාවට

ලෝකයේ අතිශය ජනප්‍රිය දකුණු කොරියාව නිජබිම කර ගත් ටයිකොන්ඩෝ මූලස්ථාන ලෝක සටන් සංදර්ශන කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා ඊයේ(20) කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියහ. 20 දෙනෙකුගෙන් සමන්විත, කුකිවොන් ( Kukkiwon ) නමින් හැදින්වෙන මෙම තරුණ සටන් ශිල්පී සංදර්ශන කණ්ඩායම හෙට(22)…

කොටුව සිට මරදාන දෙසට ධාවනය වන දුම්රිය සියල්ල තාවකාලිකව නවතයි

කොටුව දුම්රිය ස්ථානයෙන් මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබේ. ඒ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ (Railroad Switch) ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙනි. කොටුව සහ මරදාන අතර අවහිරතාව කොළඹට පැමිණෙන කාර්යාල දුම්රිය ද ප්‍රමාද වී…