News Editor

News Editor

චීනයට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේ හදිසි යෝජනාවක් සම්මත වෙයි

උයිගර් සුලුතර ප්‍රජාවට හිංසා කිරීම හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෙළා දකිමින් යුරෝපා පාර්ලිමේන්තුවේදී චීනයට එරෙහිව හදිසි යෝජනාවක් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2014දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ උයිගර් ජාතික 54 හැවිරිදි ආර්ථික විද්‍යාඥ ඉල්හාම්…

බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදීන් අග්නිදිග ආසියාවටම තර්ජනයක් ඉන්දුනීසියාවෙන් වාර්තාවක්

බංග්ලාදේශයේ හිටපු අගමැති ශෙයික් හසීනා ඇතුළු අවාමි ලීග් රජයේ පාලනය බිඳ වැටීමත්, රට අරාජිකත්වයට ඇද වැටී තිබූ කාලයේ එරට සුලුතර ප්‍රජාව ඉලක්ක කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමත් පසුපස සිටි බව කියන බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදීන් ලෙස හඳුන්වනු ලබන ජමාටි ඉස්ලාමි සංවිධානය අග්නිදිග…

ඉන්දියාවෙන් දකුණු ලෙබනනයට ටොන් 33ක සහනාධාර

හෙස්බුල්ලා සංවිධානයට එරෙහිව ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරනු ලබන ප්‍රහාර හේතුවෙන් අවතැන්වූ දකුණු ලෙබනනයේ සිවිල් ජනතාවට සහන සැලසීමට ඉන්දීය රජයෙන් ටොන් 33ක ආධාර තොගයක් යවා ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහි පළමු ආධාර…

ජර්මනියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට පහරදීමට සැලසුම් කළ ලිබියානු ජාතිකයෙක් අත්අඩංගුවට

ජර්මනියේ බර්ලින් අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ අයිඑස් ත්‍රස්ත සංවිධානයට අයත් බවට සැක කෙරෙන ලිබියානු ජාතිකයකු අත්අඩංගුවට ගත් බව ජර්මානු බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. බර්ලින් නුවරට ඔබ්බෙන් පිහිටි බර්නාවු පළාතේදී ඔහු අත්අඩංගුවට ගත් බව…

ඉන්දීය මනාලයා සහ පාකිස්තාන මනාලිය අතර ඓතිහාසික ‘ඔන්ලයින්’ විවාහයක්

ඉන්දියාවේ මනාලයකු සහ පාකිස්තානයේ මනාලියක අතර පසුගියදා ‘ඔන්ලයින්‘ ආකාරයෙන් අපූරු විවාහ උත්සවයක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ විවාහය සිදුවී ඇත්තේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයකු වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ටහ්සීන් ශාහිඩ්ගේ පුත්‍රයකු සහ පාකිස්තානයේ ලාහෝර් නුවර පදිංචි…

මැතිවරණ ප්‍රචාර අතරතුර අවන්හලකදී ඩොනල්ඩ් ට්‍රම්ප් අල පෙති බදියි

එළැඹෙන ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් සිටින අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර එහි මැක්ඩොනල්ඩ්ස් අවන්හලට ගොඩ වැදී අල පෙති බදිමින් (ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්) විනෝද වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු ජනාධිපතිවරයා මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ මුළුතැන්ගෙට…

අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද…

දමිතා ටෙලිෆෝනය අත්හැර තැපැල් පෙට්ටිය වැළඳ ගනියි

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සමගි ජන බලවේගයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්ව තැපැල් පෙට්ටිය ලකුණ යටතේ වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සාමාජිකත්වය ඊයේ (21) ලබා ගත්තාය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති මොහාන් පෙරේරා මහතාගේ අතින් ඇය සාමාජිකත්වය ලබා ගත්තාය. සමගි ජන…

රටට දැන් අවශ්‍ය හැම අතින්ම බලවත් ආණ්ඩුවක්-ජනපති කටුනායකදී කියයි

මාර්තුවේ ගේන නව අයවැයෙන් අලුත් උපායමාර්ග රැසක් අපි නොවැම්බර් මස 14 වැනිදා ලංකා ඉතිහාසය අලුතින් ලියමු එහෙට මෙහෙට පනින්නේ නැති මිනිසුන්ගෙන් පිරුණු මැතිසබයක් ඇමැති මණ්ඩලය උපරිම 25යි ආපු පාස්පෝට් තොගය හෙට බෙදනවා:ලබන සතිය වෙද්දි පෝලිම ඉවරයි – ඇමැති විජිත හේරත් මේ…

ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව කිරීමේ අපේක්ෂාවෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ළඟදීම-ජනපති හෝමාගමදී කියයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’’ නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් ඒ සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් ගොඩනඟන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා දියත්කරන මෙම ව්‍යාපෘතිය සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ ඒ…