News Editor

News Editor

දිවුරුම්පිටියදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි 28ක් රෝහලේ

ඇහැලියගොඩ දිවුරුම්පිටිය ප්‍රදේශයේදි පුද්ගලික බස් රථ දෙකක් ඊයේ (22) දහවල් මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබු මගින් 28 දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත්කර ඇත. කොළඹ සිට සූරියවැව දක්වා ධාවනය කළ බස් රථයක් සහ රත්නපුර සිට කොළඹ දක්වා ධාවනය කළ බස්…

දේශීය හා විදේශීය පක්ෂීන්ට රජදහනක් වූ ආනවිලුන්දාව අනතුරේ

ආනවිලුන්දාව දේශීය හා විදේශීය පක්ෂීන්ගේ රජදහනකි. එහි පහස විඳීමට සැතපුම් දහස් ගණනක් පියාසර කරමින් විදෙස් පක්ෂින් පැමිණීම සිදුවන්නේ දශක ගණනාවක සිටය. එක් පසකින් මහ සයුරත් තවත් ප‍ෙසකින් කළපු පද්ධතියත් තවත් ප‍ෙසකින් දැවැන්ත කඩොලාන පරිසර පද්ධතියත් තවත් ප‍ෙසකින් ඕලන්ද ඇළත් සමඟ…

ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට රතු කුරුසයෙන් ප්‍රථමාධාර

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ජනතාවට ප්‍රථමාධාර සහ වෛද්‍ය ප්‍රතිකාර සහාය දීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ ශාඛාව පියවර ගෙන ඇත. ඒ අනුව පසුගිය 12 වැනිදා කොලොන්නාව, හංවැල්ල සහ කඩුවෙල ආරම්භ කළ එම වෛද්‍ය සායන වැඩසටහනේ…

ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවෝ පිට පිට හතරවැනි ජයත් ලබති-ජපානයට ලකුණු 85-18ක ප්‍රහාරයක්

ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ පිට පිට හතරවැනි ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ ජපානය ලකුණු 85-18ක් ලෙස පරාජයට පත් කළහ. ඉන්දියාවේ බැංගලෝර්හි කොරමන්ගලා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ ශූරතාවලියේ ජපාන කණ්ඩායම මුල සිට පසු බැසීමකට ලක්වූ අතර, පළමු කාර්තුවේ ලකුණු තත්ත්වය…

ජාත්‍යන්තර ජිම්නාස්ටික් නිලවරණයට උදාර

ජාත්‍යන්තර ජිම්නාස්ටික් සංගමයේ 85 වැනි නිලවරණය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් උදාර එස්. ලියන්වල මහතා තරග කිරීමට නියමිතය. ජාත්‍යන්තර ජිම්නාස්ටික් සංගමයේ 85 වැනි නිලවරණය හා සමුළුව රටවල් 165ක නියෝජිතයන්ගෙන් සහභාගිත්වයෙන් අද (23) සිට 27 වැනිදා…

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලිය කල් ඇතිව ජය ගැනීම ශ්‍රී ලංකා සැලසුමයි-වලාකුළු හඬා වැටුණොත් අද තරගයේ උණුසුමට බාධා

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයක් ලබා සිටින හෙයින් අද තරගය ජයගෙන කල් ඇතිව තරගාවලියේ ජය 2-0ක් ලෙස වාර්තා කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ එකම අදිටන වී තිබේ. ශ්‍රී ලංකා පිලේ…

‘යුද බිමෙන් උතුරු කොරියානු සෙබළුන් ඉවත් කරන්න’

සෙබළුන් සිය ගණනාවක් යුක්රේනයට එරෙහිව රුසියානු යුද බිමට යැවීම සම්බන්ධව උතුරු කොරියාව ගත් තීරණය ගැන විමසීමට දකුණු කොරියාව එරට රුසියානු තානාපතිවරයා කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියානු හමුදා වහාම ඉවත් කර ගන්නා ලෙස දකුණු කොරියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති…

ලොව බලවත් රටවල් පහේ ‘බ්‍රික්ස්’ සමුළුව පුටින්ගේ ප්‍රධානත්වයෙන් රුසියාවේදී ඇරඹේ

ලොව බලවත්ම රටවල් 5ක් එක්ව පිහිටුවා ගත් ‘බ්‍රික්ස්’ ජාත්‍යන්තර සමුළුව ඊයේ රුසියාවේ කසාන් ප්‍රාන්තයේදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව ඇතුළත් බ්‍රික්ස් සංවිධාන සමුළුව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් දෙදිනක් පුරා පැවැත්වෙන…

ජර්මනියේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට කෘත්‍රිම බුද්ධියෙන් තරුණියක්

ජර්මනියේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් සංචාරක ප්‍රවර්ධන නිලධාරිනියක් නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘එමා’ නමින් හඳුන්වනු ලබන කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ රූමත් තරුණිය ඉදිරියේදී ජර්මනියේ සංචාරක ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉවහල් වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ…

ගල් කුහරයක් තුළ උඩුයටිකුරු වී වැටුණු තරුණියක් පැය 7කට පසු මුදාගැනේ

ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ මිටියාවතක ගල් කුහරයක් තුළට උඩුයටිකුරු ආකාරයෙන් වැටුණු තරුණියක් පැය 7කට අධික කාලයකට පසු නිරුපද්‍රිතව මුදා ගැනීමට සමත්වීමේ පුවතක් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. එම මිටියාවතේ විශාල පර්වත දෙකක් අතර තිබූ කුහරය තුළටඋඩුයටිකුරු ආකාරයෙන් වැටී ඇත්තේ සිය මිතුරන් සමඟ…