News Editor

News Editor

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වැඩ වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අද සහ හෙට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල, රජයේ ගුරු විදුහල්වල සහ ගුරු වෘත්තීය මධ්‍යස්ථානවල පීඨාධිපතිවරුන් සහ අනෙකුත් සියලුම…

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සක්‍රීය වූ නායයෑම ගැන සෙවීමට විශේෂ කණ්ඩායමක් අද එම ප්‍රදේශයට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් (29) එම ප්‍රදේශයට යාමට නියමිතව තිබෙනවා. එම ස්ථානයේ පවතින අවධානම අවම කිරීම සඳහා ආයතන රැසක් එක්ව විශේෂ වැඩසටහන් කිහිපයක් අදාළ ප්‍රදේශය…

සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් (29) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා 14,000 කට අධික ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගයට එක්වන බවයි එම සම්මේලනයේ සභාපති…

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. අතීතයේ මෙරට ප්‍රධාන අපනයන බෝගයක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ…

101 වියැති මිත්තණිය අවුරුදු දෙකේ බබෙක් වෙලා

ගුවන්යානා ප්‍රවේශපත් වෙන් කර ගැනීමේ ක්‍රියාවලියේ දෝෂයක් හේතුවෙන් චිකාගෝ නුවර සිට මිචිගන් ප්‍රාන්තය බලා පියාසර කිරීමට නියමිතව සිටි 101 හැවිරිදි මිත්තණියක අවුරුදු දෙකක බිලිඳියකු ලෙස සටහන් වීමෙන් ගුවන්තොටුපොළ නිලධාරීන් අවුල්සහගත තත්ත්වයකට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැට්‍රීෂියා නමැති…

පාකිස්තානයේ මහමැතිවරණයේ මන්ත්‍රීවරුන් රුපියල් බිලියන 100කට විකිණිලා

පාකිස්තානයේ පසුගිය මහමැතිවරණය ඊට පෙර 2018දී පැවති මහමැතිවරණයට වඩා දූෂිත බව වත්මන් සභාග රජයේ විරුද්ධ දේශපාලන පක්ෂයක් වන ජමියට් උලමා ඉස්ලාම් පක්ෂයේ ප්‍රධානි මවුලානා ෆසාලුර් රහ්මාන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා පිෂින් නුවර පැවති මහජන රැස්වීමකට සහභාගි…

බ්‍රිතාන්‍ය තෙල් නැවකට රතු මුහුදේදී හවුති ප්‍රහාරයක් අමෙරිකානු ඩ්‍රෝනයකුත් බිම දමති

යේමනයේ හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේදී බ්‍රිතාන්‍යයට අයත් තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අතරතුරදීම අමෙරිකාවට අයත් ඩ්‍රෝනයක් ද පහරදී විනාශ කර ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන යුද්ධයට එරෙහිව…

ටයිටැනික් නැවෙන් හමු වූ රන් ඔරලෝසුවක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි

වසර 1912දී ටයිටැනික් නෞකාව මුහුදුබත් වීමෙන් පසු එහි ගමන්ගත් ධනවත් මගියකුගේ මළසිරුරකින් සොයාගෙන ඇතැයි කියන සාක්කු රන් ඔරලෝසුවක් එංගලන්තයේ වෙන්දේසියකදී බ්‍රිතාන්‍ය පවුම් මිලියන 1.17ක (අමෙරිකානු ඩොලර් මිලියන 1.46) වාර්තාගත මුදලකට අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාක්කුවේ රැගෙන යන…

ඩුබායි ගිය මලල ක්‍රීඩා පොඩ්ඩෝ පදක්කම් 5ක් දිනති

ඩුබායිහිදී පැවති 21 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කම් 5 දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඊට රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළත් විය. ශ්‍රී ලංකාවට තනි ඉසව්වකින් හිමි වූ එකම පදක්කම දිනා ගැනීමට කාන්තා තුන්පිම්ම…

අයිපීඑල් ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ සිද්ධියට චිත්‍රපට නළු සාහිල් ඛාන් අත්අඩංගුවට

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන සමාගමේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස තරග විකාශනය කිරීමෙන් හා ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් චිත්‍රපට නළු සාහිල් ඛාන් ඊයේ මුම්බායි පොලිසිය අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට නොගන්නා ලෙස ඔහු විසින් කරන ලද…