News Editor

News Editor

සංචාරක කර්මාන්තයේ දියුණුවට තවත් ගමනාන්ත 49ක් මාසයකින් ගැසට් පත්‍රයට – ඇමැතිනී ඩයනා ගමගේ

සංචාරක කර්මාන්තයේ දියුණුවට තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනාගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පැවසුවාය. සංචාරක කර්මාන්තයේ සිදු වන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක්…

සිනමාවෙන් හදාගත්ත නම දේශපාලනය නිසා කැත කර ගන්න මම කැමැති නෑ – රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ

මම මේ රටේ නමක් හදාගත්තේ දේශපාලනයෙන් නොවෙයි. සිනමාවෙන් හදාගත්ත නම දේශපාලනය නිසා කැත කර ගන්න මම කැමැති නැහැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ පැවසුවාය. ඇය මේ බව පැවසුවේ ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි. ගීතා කුමාරසිංහ රාජ්‍ය…

ජාත්‍යන්තර නිවුන් සමුළුවට ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ 6ක් චීනයට

චීනයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර නිවුන් මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ 6 දෙනෙක් (30) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.මේ මහා සමුළුව චීනයේ යුනාන් ප්‍රාන්තයේ මොජෑන් නුවර දී (Mojang) අද (01) සිට ලබන…

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පිළිසකර වැඩට මිලියන 100ක්

ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට රුපියල් මිලියන 100ක මුදලක් රජයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය. වෛද්‍ය,හෙද,ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයන්හි නිල නිවාස අලුත්වැඩියා කිරීම් ඇතුළු රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මීට පෙර වෙන් කළ මුදලට…

අනතුරට පත් වාහන ලක්ෂ 50ක බැඳුම්කර මත නිදහස්

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවති නඩුව (30) යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කඳවූ අවස්ථාවේ එම අනතුරට සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ බැදුම්කර දෙකක් මත නිදහස් කර, සැකකාර තරගකරුවන් දෙදෙනාට යළි අධිකරණයෙන් සිතාසියක් ලැබුණොත් පමණක්…

දැදුරු ඔයේ ගලක කිඹුලකුගේ රූපය සහිත නිධානයකින් ගොඩ ගත් – හත් කෝටි 20 ලක්ෂයක් වටිනා ගජමුතු 5ක් විකුණන්න ගිය හතරක් මාට්ටු

නිධානයක් හාරා ලබාගත් බව කියන මිල කළ නොහැකි අතිදුර්ලභ වර්ගයේ ගජමුතු 05ක් රුපියල් මිලියන 72කට (රුපියල් හත්කෝටි විසි ලක්ෂයක මුදලකට) අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව ජා-ඇළ පොලිසිය පවසයි. ඉකුත් 29 වැනි දින ජා-ඇළ පොලිස් විශේෂ…

අවසර නැතිව මැයි රැලි පෙළපාළිවලට ඩ්‍රෝන කැමරා තහනම්

ලෝක කම්කරු දිනයට යෙදෙන (01) පෙළපාළි, රැලි සහ සැමරුම් උත්සව ආදිය ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ඡායාරූප හා වීඩියෝගත කිරීම් සිදු කරන පුද්ගලයන් ඒ සඳහා නිසි අවසර ලබාගත යුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. අනවසරයෙන් මැයි දින පෙළපාළි, රැලි සහ සැමරුම්…

වැස්ස නිසා මධ්‍යස්ථානයට යන්න බැරි වුණොත් 117ට අමතන්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම (03) සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර (30) පැවසීය. විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත් වර්ෂාත් සමඟ හදිසි ආපදා…

අර්බුදවලට මුහුණ පෑ බොහෝ රටවල් නැඟී සිටියේ වැඩ කරන ජනතා ශක්තියෙන් – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

අර්බුදවලට මුහුණ දුන් ලොව බොහෝ රටවල් නැවත ගොඩනැඟුණේ වැඩ කරන ජනතා ශක්තියෙන් බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි. මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ. ඒ පණිවිඩයේ මෙසේද සඳහන් වේ. වැඩකරන ජනතා ලෙයින්, දහඩියෙන්, ජීවිත පරිත්‍යාගයෙන්…

වැඩ කරන ජනතාවගේ අයිතිය වසර පුරා සුරැකීමට එක් වෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වැඩ කරන ජනතාවගේ අයිතිය එක් දිනකදී පමණක් නොව වසර පුරා සුරැකීමට එක් වෙමු යැයි ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඒ පණිවිඩයේ මෙසේද සඳහන් වේ: වසර කිහිපයක සිට අපේ රටේ සමස්ත ජනතාව…