News Editor

News Editor

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය (09) නියෝග කර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් කළ පෙත්සම අද…

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

මේ දිනවල WhatsApp Group යොදාගනිමින් සිදුකරනා මුදල් වංචා වලින් ප්‍රවේශම් වන ලෙස FINCSIRT සහ LankaPay ආයතන මහජනතාව දැනුවත් කරනවා. මෙවැනි වංචාවලදී ඔබව නොදන්නා අංකයකින් ව්‍යාජ නම්වලින් ඇති WhatsApp Group වලට එක්කර, සම්පූර්ණ කිරීම සඳහා යම් යම් කාර්යයන් ලබා දෙන බවද,…

දැනට යන ගමනේ පීල්ල මාරු කළොත් ආයේ වැටෙන්නේ අපායටමයි – ජනපති

මීට වසර දෙකකට පෙර තිබුණු තත්ත්වයට වඩා රට ඉහළට ගමන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මේ ගෙවමින් ඇත්තේ අපායේ විවේකයක් බවට විවිධ පිරිස් කරන චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ක්‍රමවත් සැලසුමක් ඔස්සේ මේ වන විට අපායෙන් ගොඩ…

අමරවීර, අලගියවන්න හා දුමින්ද දිසානායක තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලීමේ වාරණ නියෝගය 15 වනදා දක්වා දීර්ඝ කෙරේ

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන අය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔවුන් විසින් දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කරනු ලැබුවා. මෙම පැමිණිල්ල…

රට ගොඩනැගීමට පොදු සම්මුතියක් අවශ්‍යයි

එකඟත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගියහොත් ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව කඩිනමින් ඔසවා තැබිය හැකි බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට වෙනුවෙන් පොදු සම්මුතියක අවශ්‍යතාවය යළි අවධාරණය කළේය. රටේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කිරීමට ලැබෙන අවස්ථාව පැහැර නොහරින…

සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝ​ෂ පිළිබඳව සොයා බලනවා – විභාග දෙපාර්තමේන්තුව

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ලබාදුන් සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝෂ ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බලන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේදී ප්‍රශ්න පත්‍රය පුළුල් ලෙස අධ්‍යයනය කරන ලෙස තමන් උපදෙස් දුන් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර…

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් අපේ ණය බර ඩොලර් බිලියන 17කින් අඩු කරගත හැකියි – අලි සබ්රි

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත්, සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි…

ශ්‍රී ලංකා පිරිමි T20 ලෝක කුසලාන කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය අමුල් කිරි සමාගමට

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ ‘නිල අනුග්‍රාහකයා’ ලෙස ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි නිෂ්පාදකයෙකු වන අමුල් සමාගම පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිවේදනය කළා. අමුල් සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති හවුල්කාරිත්වය විශිෂ්ට…

2024 ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අවසන්

2024 ඡන්ද හිමි නාමලේඛනය සඳහා විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීම (07) දිනයෙන් අවසන් වුණා. විරෝධතා සහ අභියාචනා ඉදිරි මාස එකහමාරක කාලය තුළදී සමාලෝචනය කරන බවත්, දිස්ත්‍රික් සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ කටයුතු සිදු කෙරෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්…

ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් රිට් ආඥාවක්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය (08) රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම රිට් ආඥාව ප්‍රකාශයට පත් කර ඇත්තේ. ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය…