News Editor

News Editor

එ.ජා. නිලධාරීන්ට ඔක්තෝබරයේදී ඊශ්‍රායලයෙන් ප්‍රහාර 30ක්

ලෙබනනයේ ක්‍රියාත්මක වන සිය නිලධාරීන් ඉලක්ක කරමින් පසුගිය ඔක්තෝබරයේදී පමණක් ඊශ්‍රායලයෙන් ප්‍රහාර 30ක් එල්ල වූ බව එක්සත් ජාතීන්ගේ ලෙබනන් සාමසාධක හමුදාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රහාරවලින් සිය නිලධාරින්ට හෝ දේපළවලට හානි සිදුවූ බවද සාමසාධක හමුදාව වැඩිදුරටත්…

ලබන අප්‍රේල් තෙක් පොල් හිඟයි-හේතුව වැසි අඩු වී උණුසුම වැඩිවීමයි – පොල් පර්යේෂණ ආයතනය

නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ අඩුවීමක් දක්නට ලැබෙන බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි. එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය පෙන්වා දෙන්නේ රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන…

ඔක්ටේන් 95 සුපර් ඩීසල් රුපියල් 6කින් පහළට

මාසික මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබේ. මේ අනුව රුපියල් 319ක්ව පැවැති ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල අද සිට රුපියල්…

14 වැනිදායින් පස්සේ ඇමැතිවරුන්ට කොළඹින් ගෙවල් නෑ-ජනාධිපති අනුර කුමාර දිසානායක

නොවැම්බර් 14න් පසු හදන ආණ්ඩුවේ කිසිම ඇමැතිවරයකුට කොළඹින් නිවාස නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගය මාතරදී සංවිධාන කළ ජන රැලියකට පෙරේදා (30) සහභාගි වෙමිනි. “නොවැම්බර් මාසෙ 14න් පසු විසිපහට අඩු කැබිනට්…

ණය ගැනීම යනු මුදල් මුද්‍රණය කිරීමක්ද?-ආර්ථිකය ස්ථාවර වීම වර්ධනයේ මූලික අදියරයි

පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, “වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට මෑත කාලයේ වාර්තා පළවී ඇති අතර, මෙම වාර්තා පදනම් විරහිත ඒවා වේ. මහ බැංකුව විවිධ වෙළෙඳපොළ කටයුතු…

වතුපිටිවල පස් කපන්න ජුලී චන්ග් ඇවිත්

ගුවන් ගමන්වලදී මගීන්ට අවශ්‍ය කරන ආරක්ෂිත උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා වතුපිටිවල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කර්මාන්ත පුරයේ ඉදිකෙරෙන නව කර්මාන්තශාලාවට මුල්ගල තැබීම මෙරට අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) සිදු කෙරුණු අයුරු. ශ්‍රී ලංකා ආයෝජන මාණ්ඩලයේ සභාපති අර්ජුන…

පෝස්ටර් ඇලවූවැයි අපේක්ෂකයෝ 6ක් ආධාරකරුවෝ 151ක් පොලිස් අත්අඩංගුවේ

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් ඇලවීමට ගිය අපේක්ෂකයන් 6 දෙනකු සහ ඔවුන්ගේ ආධාරකරුවන් 151 දෙනකු ඊයේ (31) වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මේ හැරුණු කොට නීති විරෝධි මැතිවරණ ක්‍රියා සඳහා යොදාගත් වාහන 30ක්ද පොලිස් භාරයට ගෙන ඇත. වැටලීම්…

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර බෙදාගත් දිගුකාලීන සබඳතාවලට අගමැතිනිය කෘතඥතාව පළ කරයි

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර බෙදා හදාගත් දිගුකාලීන සහ සුහද සබඳතාවලට සිය කෘතඥතාව පළ කරන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය පැවැසූවාය. පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා සහ අගමැතිනිය අතර අගමැති කාර්යාලයේ පැවැති හමුවේ දී…

රාජ්‍ය සේවක වැටුප් ජනවාරියේ වැඩි කරනවා-ඇමැති විජිත හේරත්

රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩි වීමක් ලබන වසරේ ජනවාරියේ සිට අනිවාර්යෙන් ලබාදෙන බව ඇමැති විජිත හේරත් මහතා මීගමුවේදී ඊයේ (31) ප්‍රකාශ කළේය. තම රජය කිසිදිනෙක රාජ්‍ය සේවකයන් බොරු පොරොන්දුවලින් රවටන්නේ නැතැයි ද හෙතෙම දීපාවලි උත්සවය නිමිත්තෙන් මීගමුව සිත්ති…

2026දී ප්‍රශ්න පත්‍ර බැංකුවක්

විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම නැවැත්වීම සඳහා ප්‍රශ්න පත්‍ර බැංකුවක් ස්ථාපිත කිරීමේ නව වැඩපිළිවෙළක් සකස් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. වසර 2026 වන විට මෙය ස්ථාපිත කිරීම සිදු කළ හැකි බවත් එමඟින් ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම…