News Editor

News Editor

ශ්‍රී ලංකා ඉන්දුනීසියානු ඓතිහාසික සබඳතාව ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ ප්‍රතිඥා දෙති

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo)  අතර නිල හමුව (20) පස්වරුවේ සිදු විය. ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහව ඉතා මිත්‍රශීලි අයුරින් පිළිගත් අතර රාජ්‍ය…

“ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” මැයි 22 පාර්ලිමේන්තුවට – වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ

මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේය. ඒ අනුව යළි ආර්ථික බිඳවැටීමක් සිදු නොවීමට අදාළව “ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත”…

වර්ෂාව සමඟ වැඩි විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මැයි 26 සිට ජුනි 01…

දේශගුණික විපර්යාස සඳහා මූල්‍ය සම්පත් ලබා දීමේ වැඩසටහන්වලට අනුගත වීමේදී ගෝලීය උතුර අවාසනාවන්ත ලෙස අසමත් වී තිබෙනවා

යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දුනීසියාවේ,…

“බුද්ධ රශ්මි” ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී

වත්මන් පරපුර තුළ සතිමත්බව ඇති කිරීම අරමුණු කර ගනිමින් “බුද්ධ රශ්මි” ‍ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් (20) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය…

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා අදාළ නිවේදනය බලපැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ. නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින…

හෙලිකොප්ටර අනතුරෙන් ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති මරුට

හෙලිකොප්ටර අනතුරෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කරනවා. එමෙන්ම එම හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් එරට විදේශ අමාත්‍යවරයාද මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක්…

ඉරාන ජනපති ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන් විනාශයි 

ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ හෙලිකොප්ටරය අනතුරෙන් “සම්පූර්ණයෙන්ම පිළිස්සී” ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ඒ අනුව එම හෙලිකොප්ටර අනතුරෙන් කිසිවෙක් ජීවත්ව සිටි හැකි බවට කිසිඳු සලකුණක් වාර්තා නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන්…

බන්ධනාගාර නිලධාරීන් අද සිට වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා. රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් අදාළ වෘත්තීය ක්‍රියා මාර්ගයේ නිරත වන බව සඳහන්. ඒ අනුව අද සිට…

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටරය අනතුරට ලක්වූ ප්‍රදේශයෙන් සුන්බුන් බවට සැක කෙරෙන උණුසුම් ප්‍රභවයක් හඳුනා ගැනෙයි

ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් පවතිනවා. ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය සෙවීමට සහාය වීම සඳහා තුර්කිය විසින් එවන ලද ඩ්‍රෝන යානයක්…