News Editor

News Editor

අද කාලගුණ නිවේදනය

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…

ශ්‍රී ලංකා මීටර් 4×400 පිරිමි සහාය දිවීම් කණ්ඩායම රන් පදක්කමක් දිනාගනී

තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන 1st Asian Relay Championship තරගාවලියේ මීටර් 4×400 පිරිමි තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. මීට අමතරව 4×100 කාන්තා තරගයේ පස්වැනි ස්ථානය‍, 4×100 පිරිමි තරගයේ සිව්වැනි ස්ථානය‍, 4×400 කාන්තා තරගයේ සිව්වැනි ස්ථානය හිමිකර…

LPL Auction 2024: මතීෂ, ඉසුරු හා දසුන්ට ඉහළ මිලක්

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය (21) අවසන් වුණා. ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට (21) පත් වුණා. ඒ අනුව අමෙරිකානු ඩොලර් 120,000 ක…

වගා නොකළ ඉඩම් වගා කිරීම සඳහා අවශ්‍ය නීති රීති හඳුන්වා දෙනවා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්

සමාජය සවිබලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන බවත් එබැවින් වගා කර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සඳහන් කළේය. එමෙන්ම සමාජ සවිබලගැන්වීම් උදෙසා අධ්‍යාපන සහතික…

අලි මිනිස් ගැටුම පාලනය සඳහා නියමු ව්‍යාපෘති දෙකක්

අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’ හා ‘ගම්මාන විදුලි වැට’ ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. වන අලි මිනිස් ගැටුම් පාලනය සඳහා මෑත කාලීනව ගෙන ඇති…

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය රැස්වීම් තුනක් මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ අදහස් විමසයි

ජනවාර්ගික ගැටුම් සහ යුද්ධයෙන් පසුව ඇති වූ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගීම සහ ඒ සඳහා අවධානය යොමු කිරීමේ උත්සාහයක් ලෙස, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) කොමිෂන් සභාව විසින් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලද රැස්වීම්…

අධිකරණයට ඉදිරිපත් වූ ඩයනා ඇප මත මුදාහැරේ

අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා,…

LPL Auction 2024: පැතුම් පළමු වටයේදී අලෙවි නොවෙයි

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක අලෙවි නොවීම කැපී පෙනුණා.

ඩයනා අධිකරණයට පැමිණෙයි

විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම්කර සිටින හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව නීතිය අනුව නිසි පියවර…

ඔක්ටේන් 100 වර්ගයේ නවතම පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට

ලංකා IOC සමාගම ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට එවා තිබෙනවා. ඒ අනුව පසුගිය මැයි 18 වනදා මුම්බායේ Jawaharlal Nehru Port Trust (JNPT) වෙතින් මෙම ඉන්ධන තොගය ශ්‍රී ලංකාවට නැව්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ. XP100 ලෙසින් නම්කර…