News Editor

News Editor

ග්‍රාම නිලධාරි වැටුප් හා දීමනා ඉහළට

මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා…

ශිෂ්‍යත්ව විභාගයට අයැදුම්පත් කැඳවයි

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙයි ඒ සඳහා 2024 මැයි 27 දින සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ…

රාජ්‍ය වෙසක් සතිය මාතලේදී අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සමාරම්භක උලෙළ මාතලේ විහාර පාර ශ්‍රී ධර්මරාජ මහ පිරිවෙන් පරිශ්‍රයේදී දී ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ මුලාසනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් (21)පස්වරුවේ ආරම්භ විය. රාජ්‍ය උත්සවයේ සමාරම්භක අවස්ථාවේ ගිහි පිරිස පංචශිලයෙහි පිහිටුවිම මාතලේ විහාර පාර ශ්‍රි ධර්මරාජ පිරිවෙන්…

තද සුළං පිළිබඳ කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60- 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කල්පිටියේ සිට කොළඹ දක්වා…

සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

එළැඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. හාල්මැස්සෝ, ලොකු ළුෑණු, කඩල සහ සුදු සීනි වල මිල මෙලෙස අඩුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. අදාළ නිවේදනය පහතින්.

සියළුම ධීවර යාත්‍රා සඳහා මුහුදු යෑමට අවසර ලබාදෙන්නේ නැහැ – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු​ව

(22) සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ෂාපතනයක් හා දැඩි සුළං…

ඉරාන ජනපති වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක්

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශය කිරීම සඳහා අද දින පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම නිශ්ශබ්දතාවය පවත්වා තිබෙනවා.

ලියාපදිංචි නොකළ දන්සැල් අද දිනය තුළ ලියාපදිංචි කළ යුතුයි – PHI සංගම​ය

ලියාපදිංචි නොකළ දන්සල් (22) දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව මේ වනවිට දිවයින පුරා දන්සැල් 2200ක් ලියාපදිංචි වී ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ. ලියාපදිංචි…

බංගලාදේශය පරදවා ඇමෙරිකා කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට අමෙරිකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් අමෙරිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය…

කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් පීලි පනියි

පොතුහැර සහ තලවත්තේගෙදර දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. ඒ අනුව කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ. මේ හේතුවෙන් එම දුම්රිය ස්ථානයන් පසු කිරීමට නියමිත දුම්රියන් ප්‍රමාදයන්…