News Editor

News Editor

අයිති නැති අත්ස­නක් පිළි­ගන්නවී තැවුලට පත් තරුණ හමුදා නිලධාරිනිය දුම්රියේ ගැටී මියයයි

නොකළ වර­දක් භාර ගන්නැයි ඉහ­ළින් ආ බල­පෑම් ගැන තැවු­ලින් සිටි යුද හමු­දාවේ තරුණ දෙවැනි ලුති­න­න්ව­රියක නුවර-කොළඹ අන්තර් නගර දුම්රියේ ගැටී මියයාමේ සිදුවීමක් ගැන පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ කියන දෙවැනි ලුති­න­න්ව­රි­ය ඊයේ (7) උදේ මහ­නු­වර සිට කොළඹ බලා ගමන් කළ…

ජනපති රනිල් මෝදිගේ දිවුරුම්දීමට ඉන්දියාවට යයි

නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින (09) ඉන්දියාව බලා යාමට නියමිතය. නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙම දෙදින නිල සංචාරයේ නිරතවේ. පසුගියදා ඉන්දියාවේ පැවති මැතිවරණයෙන්…

නැවතත් වැස්ස වැඩි වෙයි

කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසා තිබේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව එම ඉංජිනේරුවරු සඳහන් කරයි.…

පොසොන් සමයේ අතිරේක බස් රථ සේවාවක්

අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් පොසොන් සමයේ සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව අතිරේක බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ඓතිහාසික මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරයන් සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අදාළ බස්රථ සේවාව ක්‍රියාත්මක කිරීමට…

සා. පෙ. ගණිතය නැති නිසා බොහෝ පාසල් එපා කී නමුත්, මොනරාගල දිස්ත්‍රික් ජෛව පද්ධති තාක්ෂණවේද ප්‍රථමයා වූ පුංචි වීරයා.

නිදහස් අධ්‍යාපනය නමට සීමා නොකර ගුරුවරු විසින් ලබාදුන් එක් අවස්ථාවක් නිසා ජීවිතය ජයගත් දරුවෙකු අපට මොනරාගල බුත්තල ප්‍රදේශයෙන් හමුවුණි. සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන මෙවර උසස්…

ක්‍රිකට් ක්‍රීඩාව පුද්ගලික ව්‍යාපාරයක් බවට පත් කළ අයගේ පාලනයෙන් මුදාගත හැකි ප්‍රවේශයක් අවශ්‍යයි – අලි සබ්රි

ICC ලෝක කුසලාන 2023 සහ ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා. ක්‍රිකට් යටිතල ව්‍යුහය තුළ ගැඹුරට මුල් බැස ඇති ගැටලු ඇති බවත් ඒවාට තාවකාලික විසඳුම් ලබා දීමෙන් කිසිදු…

ජෙනරාල් ශවේන්ද්‍ර නැවතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට නැවත වතාවක් පත්කර තිබේ. ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත. ඒ අනුව ජූනි මස 01 වැනිදා සිට මෙම පත්කිරීම ක්‍රියාත්මකය.

Starlink අනුමැතියට එලෝන් මස්ක් ජනපතිට ප්‍රතිචාර දක්වයි

Starlink ව්‍යාපෘතිය පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය X ගිණුමෙහි සටහන් තබා තිබේ. එහිදී ඔහු සඳහන් කර සිටින්නේ මේ හරහා විප්ලවීය වෙනසක් ඇති කළ හැකි අතර විශේෂයෙන් මෙරට තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාවන බවයි. එමෙන්ම වේගවත් සහ වඩාත්…

“කුකුල් චමින්ද” බන්ධනාගාරයේ දී ගුටි කා රෝහලේ

අවුරුදු හතරහමාරක් වයසැති දැරියකට බත් කවන අතර වාරයේදී වරින්වර අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම්.කේ. චමින්ද නොහොත් “කුකුල් චමින්ද” යන අය අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී එහි රැඳවියන් පිරිසක් පහර දීම හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට…

එකවර විවාද දෙකකට දින දෙකක් යොදාගන්න අපි සූදානම් – සජිත් ප්‍රේමදාස

තමන් එකවර විවාද දෙකකට දින දෙකක් යොදා ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නමුත් එක විවාදයකට පැමිණ අනෙක් විවාදයට නොපැමිණ සිටිය නොහැකි බවයි ඊයේ (07) පාසලක පැවති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ. බංකොලොත් වී ඇති රට…