News Editor

News Editor

ඉදිරියේ දී පාසල් මට්ටමේ නව නිපැයුම් වෙළෙඳපොළ තුළ වාණිජකරණයට අවස්ථා

2024 සමස්ත ලංකා රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ඊයේ (07) දවස පුරා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්විණි මේ සඳහා  ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගී වූ අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සමස්ත ලංකා…

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට නවක සිසුන් 237 ක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2023/ 2024  කණ්ඩායමට අලුතින් ඇතුළත් වූ නව සිසු කණ්ඩායම පිළිගැනීම පසුගිය දින එම වෛද්‍ය පීඨයේදී  සිදුවිය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා දේශන රඟහලේදී  (physiology lecture theatre) මෙම පිළිගැනීමේ උත්සවය පැවැත්විණි. මෙම නව…

කෘත්‍රිම බුද්ධිය භාවිතයේ දී පවතින අභියෝග ගැන අගමැති සාකච්ඡාවක

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (07) විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතනවල සහ තොරතුරු තාක්ෂණ සේවා සපයන රාජ්‍ය අංශයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හමුවක් කැඳවා තිබිණි. අමාත්‍යාංශය තුළ විද්‍යාව හා තාක්‍ෂණය භාවිතයේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළ…

ඡන්දෙට පාසල් නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබේ. අමාත්‍යංශය පවසන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමක් පරිදි මෙසේ නිවාඩු ලබා දී ඇති අතර මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව, සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්,…

මහ ඡන්දයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අදින් අවසන්

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වෙයි. පසුගිය ඔක්තෝබර් 30 වනදා නොවැම්බර් 01 වනදා , 4 වනදා සහ 7 යන දිනයන්හි දී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට අද දිනයේ ද අදාළ  දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී…

සංශෝධන අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රයන්හි යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් මේ මස 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12 ට පෙර සිදු කළ යුතු යැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අපේක්ෂකයන්ට දැනුම් දෙයි. සියලුම…

ඉහළ ගිය නිල සංචිත වත්කම්

2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන…

අවු: 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනමකට ඔස්ට්‍රේලියාවේ අවධානය

ලොවටම ආදර්ශයක් සපයමින් අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍යජාල තහනම් නීතියක් හඳුන්වා දෙන බව ඔස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔස්ට්‍රේලියානු අගමැති අන්ටෝනි ඇල්බනිස් ප්‍රකාශ කර ඇත්තේ යෝජිත නීතිමාලාව ලබන සතියේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. ඔස්ට්‍රේලියානු…

ලොව ආකර්ෂණීයම සංචාරක දූපත ශ්‍රී ලංකාවයි-Reader Travel Awards රන් සම්මානයත් හිමි වෙයි

ලොව ආකර්ෂණීය සංචාරක දූපතක් වශයෙන් යළිත් වරක් තහවුරු කරමින් එක්සත් රාජධානියේ ජනප්‍රියතම සංචාරක සඟරාව වන Wanderlust විසින් සංවිධානය කරන Wanderlust Reader Travel Awards සම්මාන වැඩසටහනේදී ‘වඩාත් කැමැති දිවයින (Most Desirable Island) සඳහා වන රන් සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.…

ගුවන් හමුදා සාම සාධක රාජකාරියෙන් මහා භාණ්ඩාගාරයට කෝටි 3,790ක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වසරේ සිට මේ දක්වා සාම සාධක රාජකාරි සඳහා සම්බන්ධවීමෙන් රුපියල් කෝටි 3, 790ක මුදලක් (අමෙරිකානු ඩොලර් මිලියන 130 ) මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට කටයුතු කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාමේ නිලධාරීන් 20 දෙනකු…